අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“ දැව සංස්ථාවට හොරෙක් වෙනුවට කම්බ හොරෙක් පත් කරලා”

“ දැව සංස්ථාවට හොරෙක් වෙනුවට කම්බ හොරෙක් පත් කරලා”

ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා-දැව සංස්ථා සභාපතිවරයා අල්ලස් ගත්තේ කවුරුන් වෙනුවෙන්ද..? (සුමුදු පෙරේරා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙන්නේ එහි…

ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා-දැව සංස්ථා සභාපතිවරයා අල්ලස් ගත්තේ කවුරුන් වෙනුවෙන්ද..?

 

(සුමුදු පෙරේරා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙන්නේ එහි හිටපු සභාපති පී දිසානායකටත් වඩා ලෝක හොරෙකු වන අනුරුද්ද පොල්ගම්පොල යැයි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතා චෝදනා කර සිටියි.

ඔහු මේ බව හෙළි කර සිටියේ කොළඹ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මුලස්ථානයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුනෙත්ති මහතා මෙසේද කීය.

ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලසක් ගැනීම හේතුවෙන් අල්ලස් හෝ  දුෂණ විමර්ශන කොමිසම මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කන්තලේ සිනී සමාගම සහ එහි උපකරණ විකිණීමක් සම්බන්ධයෙන්. ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා සහ දැව සංස්ථා සභාපතිවරයා සීනි සමාගම විකිණීම ගනුදෙනුවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මොකද ඔවුන් මෙම ගනුදෙනුවෙන් පරිභාහිර දෙන්නෙක්. එනිසා මෙහි ප‍්‍රධාන සැකය තමයි මේ අල්ලස් ගන්නේ කා වෙනුවෙන්ද කියන කාරණය. විමර්ශන නිලධාරීන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ මේ දෙදෙනා අල්ලස් ලබා ගත්තේ කා වෙනුවෙන්ද කියන කාරණයටයි.

ඒ වගේම මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් ගත් මුදල ප‍්‍රසිද්ධ හෝටලයක ගරාජය තුළ ගණන් කරමින් සිටින අතරයි. මෙම මුදල් මේ දෙදෙනා අතර පමණක් බෙදෙනවා නම් හෝටලය තුළම ගණන් කළේ ඇයි. එසේ නැත්නම් වෙනත් කවුරුන් හෝ වෙනුවෙන් මුදල් පංගුව ගණන් කළේද යන්න සැකයක් මතුවෙනවා.

මේ සිදුවීමේ විශේෂම කාරණය වන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කළා මේ අත්අඩංගුවට ගැනීම තරාතිරම නොබල අල්ලසට දුෂණයට එරෙහිව කටයුතු කිරීම ගැන හොඳ උදාහරණයක් කියලා.

ඉන්පසුව ජනාධිපතිවරයා විසින් දැව සංස්ථාවට සභාපතිවරයා ලෙස පත් කරන්නේ කවුද? හිටපු හොරාට වඩා ලොකු හොරෙක්. අනුරුද්ද පොල්ගම්පොල. ඔහු ජවිපෙ මන්ත‍්‍රී ධුරයේ සිටියදී ජපානයට නීති විරෝධී ලෙස පුද්ගලයෙකු ගෙන යෑමට උත්සාහ කිරීම නිසා ජවිපෙන් ඉවත් කළ පුද්ගලයෙක්.

ඉන්පසුව වාර කිහිපයකදී මුදල් වංචා කරලා බන්ධනාගාර ගත වී සිටි පුද්ගලයෙක්. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ කොන්ත‍්‍රාත් සමාගමක් පවත්වා ගෙන ගොස් මුදල් වංචා කරලා බන්ධනාගාර ගත වී සිටි පුද්ගලයෙක්. කොන්ත‍්‍රාත්කරුවන්ට ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක්. ජවිපෙන් ඉවත් කළ පසු මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලනය කොට බැසිල් රාජපක්ෂ සමඟ කොන්ත‍්‍රාත් සමාගම් පවත්වා ගෙන ගොස් වංචා දුෂණ කළ පුද්ගලයින් තමයි අද යහපාලන ආණ්ඩුවේ සංස්ථා සභාපතිවරුන් ලෙස පත් කරන්නේ. මෛත‍්‍රීපාල සිරිසේන  ජනාධිපතිවරයාගේ මේ තනතුරු දීමේ විද්‍යාත්මක ක‍්‍රමවේදය මොකකද? මේ විදියට විධායක ජනාධිපති බලතල පාවිච්ච කරලා තමන්ට  ඕන  ඕන විදියට හොරුන්ට මංකොල්ලකාරයින්ට තනතුරු දීම වහා නතර කළ යුතුයි. ඒ වගේම මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
“ දැව සංස්ථාවට හොරෙක් වෙනුවට කම්බ හොරෙක් පත් කරලා” | Lanka Newsweek