අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දැරියකට පහරදුන් ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

දැරියකට පහරදුන් ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්‍රදේශයේ පාසලක…

මිනිමැරීමට තැත් කිරීම හා බරපතළ ලෙස පහරදීම යන චෝදනා යටතේ ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ

පාසලේ දැරියකට බරපතළ ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය මගින් එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර ගුරුවරියන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම ගුරුවරියන්ගෙන් පහරකෑමට ලක්වී ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරියක් වන අතර, ඇය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.එම දැරියට යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් එක් ගුරුවරියක් බරපතළ ලෙස පළමුව පහරදී ඇති අතර, පසුව අනෙක් ගුරුවරිය අව්වේ දණගස්වා කොස්සකින් පහරදී ඇති බව සඳහන් ය.

එහිදී අදාළ දැරිය ක්ලාන්ත වී ඇති අතර, පසුව ඇයව ඔසවාගෙනවිත් මේසයක් මත අතහැරීමේදී ඇයගේ හිස එහි වැදී ඇති බවද වාර්තා වෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දැරියකට පහරදුන් ගුරුවරියන් දෙදෙනෙකු අත්අඩංගුවට | Lanka Newsweek