අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දැයේ දූ දරුවන්ට ගුල්ලන් ගැසූ සහල් කන්න දෙන ආණ්ඩුව රට ගොඩනගයිද..?

දැයේ දූ දරුවන්ට ගුල්ලන් ගැසූ සහල් කන්න දෙන ආණ්ඩුව රට ගොඩනගයිද..?

විනයක් සහිතව රට පාලනය කරන්න බැරි නම් අපි ගෙදර යනවා නෙළුම් කුළුණ හදනවට වඩා සුහුරු පන්ති කාමර දෙන්න තිබුණා නිදහස් අධ්‍යාපනයේ දෙවැනි විප්ලවය ක්‍රියාත්මක කරනවා මම පාසල්වලට බෙදන්නේ මත්කුඩු-මත්පැන් නොව…

විනයක් සහිතව රට පාලනය කරන්න බැරි නම් අපි ගෙදර යනවා

නෙළුම් කුළුණ හදනවට වඩා සුහුරු පන්ති කාමර දෙන්න තිබුණා

නිදහස් අධ්‍යාපනයේ දෙවැනි විප්ලවය ක්‍රියාත්මක කරනවා

මම පාසල්වලට බෙදන්නේ මත්කුඩු-මත්පැන් නොව පරිගණකයි 

මම බෙදනවා කියලා චෝදනා කරන්නේ කාඩ්බෝඩ් සමාජවාදීන්

දැයේ දූ දරුවන්ට ගුල්ලන් ගැසූ සහල් කන්න දෙන ආණ්ඩුව රට ගොඩනගයිද..?

පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ලබා සහල්වලින් කොටසක ගුල්ලන් ඇතුළු කෘමි සතුන් සිටින අතර එම සහල් ප්‍රමිතියෙන් තොර බවට මහා ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තිය සමිතියේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙන්නේ යැයි ද, ඒ අනුව පැහැදිලි වන්නේ ප්‍රමිතියෙන් යුක්ත සහල්වලින් රටේ දූ දරුවන්ට කන්න දෙන්න නොහැකි ආණ්ඩුවක් රට ගොඩගන්නවා කියා සිටීම විහිළුවක් බව යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටේ සිදු වන සෑම ක්‍රියාවක්ම ප්‍රමිතියෙන් යුතුව සිදු විය යුතු බවත් දූ දරුවන්ට දිවා ආහාරය දෙනවා කියා කෘමීන් සිටින සහල් ලබා දීම යුක්ති සහගත නොවන සාපරාධී ක්‍රියාවක් බවත් මේ වන විට මොවුන් බලය ලබා ගැනීමට විවිධ කුමන්ත්‍රණ සහ කුලල් කා ගැනීම් සිදු කරමින් සිටින බවත් මේ සියල්ල කරන්නේ තමාගේ සුබ සිද්ධිය උදෙසා බලය ලබා ගැනීමට විනා පාසල් 10126 දියුණු කිරිමට නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 160 වැනි අදියර යටතේ හම්බන්තොට, බෙලිඅත්ත, ඉහළ බෙලිගල්ල, මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද එහිදී පරිත්‍යාග කෙරිණ. 

මේ සියල්ල දේශපාලන කුමන්ත්‍රණ බවත් මේ කුමන්ත්‍රණවලින් සිදු වන්නේ රට තව දුරටත් කඩා වැටීම බවත් මේ අඳුරින් ආලෝකය කරා යාමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විනයක් සහිත රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් එසේ කිරීමට නොහැකි නම් ඕනෑම අවස්ථාවක ගෙදර යාමට තමා සූදානම් බවත් නිවැරදිව රට ගොඩනගන සැලසුම සමගි ජන බලවේගය සතු ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු සිටි දිස්ත්‍රික්කයක් වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල්වලට සුහුරු පන්ති කාමර නොමැති වුවත් නෙළුම් කුළුණක් සකස් කර ඇති බවත් මෙම නෙළුම් කුළුණ හදන්නේ නැතිව පාසල් පද්ධතියට සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමට ක්‍රියා කළ යුතුව තිබූ බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 

තව දුරටත් සිංහල පමණයි හෝ දමිළ පමණයි කියන බොරු රැවටිලිකාර වචනවලට හසු නොවී ශක්තිමත් ගමනක් යාමට නූතනවාදී අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් එක් වන ලෙස ඉල්ලා සිටී සජිත් ප්‍රේමදාස මහතා නව දැනුමින් සන්නද්ධ නොවීම දූ දරුවන්ගේ වරදක් නොව පවතින ක්‍රමයේ, පාලකයන්ගේ සහ පාලකයන් පත් කරන වැඩිහිටියන්ගේ වරදක් බවත් අධ්‍යාපන ක්‍රමයත්, පාලකයන්ගේ දැක්මත්, දැක්මක් නොමැති පාලකයන් පත් කළ දෙමාපියන් පවා වැරදි බවත් සඳහන් කළේය. 

තමා නිදහස් අධ්‍යාපනය පණටත් වඩා සුරකින නමුත් යල් පැන ගිය අධ්‍යාපනයෙන් දූ දරුවන්ට සෙතක් නොවන නිසා නවීන නූතනවාදී නිදහස් අධ්‍යාපනයට මුල පිරිය යුතු බවත් සී.ඩබ්ලියු.ඩබ්ලියු කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනයේ දෙවැනි විප්ලවය ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමා පාසල්වලට මෙවැනි ප්‍රදාන සිදු කරන විට සජිත් ප්‍රේමදාස දන්නේ බෙදන්න යැයි ඇතැම් අවස්ථාවාදීන් චෝදනා කරන බවත් තමා කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය, මත්පැන් හෝ දුම්වැටි බෙදන්නේ නැති බවත් තමා බෙදන්නේ පරිගණක සහ ශබ්ද කෝෂ ආදිය වුවත් කුහකයෝ කොට්ඨාසයක් මේ බෙදිල්ලට දිගින් දිගටම මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. 

තමා බෙදනවා කියා චෝදනා කරමින් මඩ ප්‍රහාර එල්ල කරන කාඩ්බෝඩ් සමාජවාදීන්ගේ දූ දරුවන් යන්නේ ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාවලට බවත් ඔවුන්ගේ දූ දරුවන්ට ප්‍රමිතියෙන් ඉහළ අධ්‍යාපනයක් ලබා දෙන අතරතුර රටේ පාසල් දූ දරුවන්ට ප්‍රමිතියෙන් පහළ අධ්‍යාපන ක්‍රමයක් ලබා දීමට කටයුතු කරන බවත් මේ සඳහා හේතු වී ඇත්තේ ඊර්ෂයාව සහ කුහකකම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

කවුරු කුමන නමක් කිව්වත් මේ අධ්‍යාපන විප්ලවය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කර, මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් මෙහෙම කියන විට දූ දරුවන්, දෙමාපියන්, ගුරුවරු පවා පාරට බැස්සවිය හැකි බවත් පාසල් ගිණි තැබූ මේ අයට දූ දරුවන් පවා පාරට බැස්සවීම මහ ලොකු දෙයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 160 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1749ක් වැය කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
දැයේ දූ දරුවන්ට ගුල්ලන් ගැසූ සහල් කන්න දෙන ආණ්ඩුව රට ගොඩනගයිද..? | Lanka Newsweek