අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ද්‍රවිඩ පක්ෂවලින් විපක්ෂනායකට විරෝධය

(රන්ජිත් ගුණවර්ධන) උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ අත්‍යාවශ්‍ය ගැටලු සහ මානුෂිය ගැටලු විසදීම පිළිබදව විපක්ෂ නායක සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දක්වන නිහඩතාවය පිළිබදව එම…

(රන්ජිත් ගුණවර්ධන)

 උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ අත්‍යාවශ්‍ය ගැටලු සහ මානුෂිය ගැටලු විසදීම පිළිබදව විපක්ෂ නායක සහ ද්‍රවිඩ ජාතික  සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා දක්වන නිහඩතාවය පිළිබදව එම පළාත්වල ද්‍රවිඩ දේශපාලන පක්ෂවල, ආගමික නායකයින්ගේ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ බලවත් අවධානය යොමු වි තිබේ.

මිට  අමතරව දිවයින පුරා වෙසෙන ද්‍රවිඩ ජනතාවගේ සහ වතු කම්කරු ජනතාවගේ ගැටලු කෙරෙහි විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා නිහඩතාවයක් දැක්වීමත්, වත්මන් රජය සියලු ජනතාවගේ සහජීවනය සදහා කැපවීම් කරද්දී එමගින්  ප්‍රයෝජන ගැනීමට ඔහු උත්සහ නොකිරීම පිළිබදවත් ද්‍රවිඩ ප්‍රගතිශිල සන්ධානයේ කිසිදු ප්‍රසාදයක් නොමැතිබව එහි නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා ද්‍රවිඩ ජාතික සන්ධානය සමග සන්ධාන ගතව සිටින ඇතැම් දේශපාලන  පක්ෂ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම සන්ධානයක් යටතේ තරග කිරීමට සුදානමින් සිටින බව ප්‍රකාශ කළ ඊපීආර්එල්එෆ්  සංවිධානයේ  නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා විපක්ෂනායකවරයාගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසා ජාතික සංහිදියාව ඇති කිරීමේ අවස්ථාව ඇතැම් විට අහිමිවීමට හැකියාවක් ඇතැයිද වැඩි දුරටත් පැවසිය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න