ද්විත්ව පුරවැසියන් හොයන්න කතානායක මෙහෙයුමක් අරඹයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සියලු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යවයි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන් ද යන්න සොයා බැලීම සදහා කතා නායක…
සියලු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යවයි
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුරුන් ද යන්න සොයා බැලීම සදහා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම නාම ලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇත.
ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන අතර මෙම විමර්ශනයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි අයකු ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට හදුනා ගෙන ඇති බව දැනගන්නට ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1