අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ද්විත්ව පුරවැසියන් වහාම පාර්ලිමේන්තුවෙන් යා යුතුයි

ද්විත්ව පුරවැසියන් වහාම පාර්ලිමේන්තුවෙන් යා යුතුයි

පාර්ලිමේතුවේ සිටින ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්‍රීවරුන් වහාම සිය ධූරවලින් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්‍රමයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්…

පාර්ලිමේතුවේ සිටින ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්‍රීවරුන් වහාම සිය ධූරවලින් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්‍රමයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව පවසන මැතිවරණ කොමිෂන් සභාව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට විසි එක් වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ  පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍ රීධූරය දෑරීමේ හැකියාවක් නොමැති බවද ප්‍රකාශ  කළේය.

මැතිවරණයක් අවස්ථාවේ නාමයෝජනා බාර ගැනීමේදී ද්විත්ව පුරවැසිභාවය  සම්බන්ධයෙන් සොයා බැලීමක්  කරන අතර එහිදී යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් හෝ  ප්‍රකාශයක් හෝ කළ හොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියි. 

කෙසේ වෙතත් කිසියම් අයකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයකුද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශ  කිරීමේ හැකියාවක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් කියා සිටියි.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ද්විත්ව පුරවැසියන් වහාම පාර්ලිමේන්තුවෙන් යා යුතුයි | Lanka Newsweek