දළ ඇතුන් මරා දැමීම ගැන පරීක්ෂණ “සීඅයිඩි”යට

(නිලන්ති මානෙල්) දළ ඇතුන් මරා දැමීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට…
(නිලන්ති මානෙල්)
දළ ඇතුන් මරා දැමීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නයැයි නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කරනු ලැබ තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.
දැන්වීම
“ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි කීපයක් පසුගිය දින කිහිපය පුරා වාර්තා වුණා. ගල්ගමුවේ දළ පූට්ටුවා නැමැති දළ ඇතා ගේ දළ යුගල පසුගිය දා පොල්පිතිගම ප්‍රදේශෙයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. එම ඇතාගේ සිරුරද කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ තිබී හමුවුණා. ඒ වගේම තබ්බෝව රක්ෂිත මායිමේ දී තවත් දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබූණා. කතරගම ප්‍රදේශයේ දී ගසක බැඳ දමා සිටි වන අලි පැටවෙකු සොයා ගැනීමට පොලීසියට හැකි වුණා.
එම කරුණු සියල්ල සලකා බලා දළ ඇතුන් මරාදැමීම සහ වන අලි ජාවාරම පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්නැයි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කළා.
මේ විදිහට වන අලි මරාදැමීම අනුමත කරන්න බැහැ. අලි ඇතුන් ජාවාරම සහ ඇත් දළ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නරනවා. ඒසඳහා මේ ජාවාරම පිටුපස ක්‍රියාත්මක වෙන සංවිධානාත්මක ජාලයක් තිබේනම් අදාළ සංවිධාන කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම වහාම සිදුකළ යුතු නිසා මේ පිලිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරන්න කටයුතු කළා.”