අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දස බල සේනා යටතේ නාමල් පොහොට්ටුවේ ග්‍රාමීය නායකයින් හමු වෙයි

දස බල සේනා යටතේ නාමල් පොහොට්ටුවේ ග්‍රාමීය නායකයින් හමු වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ "දස බල සේනා" වැඩසටහන යටතේ දිවයින පුරා සියලු ග්‍රාමසේවා වසම්වල විසිර සිටින ග්‍රාමීය…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ "දස බල සේනා" වැඩසටහන යටතේ දිවයින පුරා සියලු ග්‍රාමසේවා වසම්වල විසිර සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය. 

මහා නගර සභා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු ග්‍රාමීය මට්ටම්වල සිටින සියලු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මගින් ආරම්භ කෙරුණු පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලට සමගාමීව මෙම "දස බල සේනා" වැඩ සටහන ආරම්භ කිරීමට නියමිතය.මෙහිදී කොලඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් 2024.01.22 වැනිදා මොරටුවෙන් "දස බල සේනා" වැඩ සටහන ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දැන්වීම

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවමින් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල කරන අසත්‍ය චෝදනා පිළිබඳව දැනුවත් කර සත්‍ය කුමක්දැයි ග්‍රාමීය නායකයින් දැනුවත් කිරීමටද සූදානම් බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා එක් ග්‍රාමසේවා වසමකින් ක්‍රියාකාරී සාමාජිකයින් දස දෙනෙකු තෝරා ගෙන පක්ෂයට එරෙහිව එල්ල කරන අසත්‍ය චෝදනාවලට පිළිතුරු ලබා දීම සදහා සූදානම් කරවන බව ද පවසයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දස බල සේනා යටතේ නාමල් පොහොට්ටුවේ ග්‍රාමීය නායකයින් හමු වෙයි | Lanka Newsweek