දරුවෝ මන්ද පෝෂණයෙන් දුක් විඳින කොට අයවැයෙන් සුරංගනා ලොවක් මවනවා

එඩිතර නායකත්වය සහ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන බව අයවැයෙන් කීවද අසූචි නැවක් මාසෙකට කිට්ටු කාලයක් රට වටේට කරක් ගහන බවත් එය නවත්වන්නට බැරි ආණ්ඩුව එඩිතර ආණ්ඩුවක් වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
එඩිතර නායකත්වය සහ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන බව අයවැයෙන් කීවද අසූචි නැවක් මාසෙකට කිට්ටු කාලයක් රට වටේට කරක් ගහන බවත් එය නවත්වන්නට බැරි ආණ්ඩුව එඩිතර ආණ්ඩුවක් වන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.
ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා සමගි ජන බලවේගය සමග නිල වශයෙන් එක්වීම සහ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (15) ගුරුගේ නේචර් පාර්ක් හී දී පැවැත්විණි.
ප්‍රකට ව්‍යාපාරිකයෙකු, සමාජ සේවකයෙකු, වෘත්තීයවේදියෙකු, මෙන්ම ලේඛකයෙකුද වන ධනවර්ධන ගුරුගේ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය, වෘත්තීයවේදි සංසදයේ සාමාජිකත්වය, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳව උපදේශකත්වය මෙන්ම විපක්ෂ නායකවරයා ගේ උපදේශක ධූරයකටද ඒ මහතාව පත්කොට ඇත.
දැන්වීම
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දු,පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු ප්‍රදේශය මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
ප්‍රකට ව්‍යාපාරිකයෙකු, සමාජ සේවකයෙකු, වෘත්තීයවේදියෙකු, මෙන්ම ලේඛකයෙකුද වන ධනවර්ධන ගුරුගේ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය, වෘත්තීයවේදි සංසදයේ සාමාජිකත්වය, බෞද්ධ ආගමික කටයුතු පිළිබඳව උපදේශකත්වය මෙන්ම විපක්ෂ නායකවරයා ගේ උපදේශක ධූරයකටද ඒ මහතාව පත්කොට ඇත.
රටේ ජනතාව බලාපොරොත්තු වූයේ ජනතාව ජීවත් කරන ශක්තිමත් අයවැයක් බවත් ලබාදී ඇත්තේ හිස් ලියැවිල්ලක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.අයවැය ගෙනෙන්නට පෙර ආණ්ඩුව කීවේ වර්තමාන මුදල් ඇමැතිවරයා ගාව "සුරබිදෙන" තියෙන බවය. ඔහු ගාව "ඇලඩින්ගේ පුදුම පහන" තිබෙන බවය. අරුම පුදුම අයවැයක් ගෙනෙන බවය. අයවැය නිසා විපක්ෂයට කලන්තෙ හැදෙන බවය. නමුත් ඉදිරිපත්ව ඇත්තේ රටටම කලන්තෙ හැදෙන අයවැයක් බවද විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය සංවර්ධිත රටවල ජනතාවගේ ජීවන තත්ත්වය තරමටම හොඳයි කියලා අයවැය කතාවේදී ඇමැතිවරයා කීවද සත්‍ය තත්ත්වය එය නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා කුඩා දරුවෝ මන්දපෝෂණයෙන් දුක්විඳින රටක, Online පහසුකම් නැතුව දරුවෝ සුසුම් හෙලන රටක, තුන් වේල වෙනුවට එක වේලක් කන්නවත් ආදායමක් නැති රටක අයවැය කතාවෙන් සුරංගනා ලෝකයක් මවන බවද පැවසීය.
ඉතාම විශිෂ්ට ජාත්‍යන්තර සබඳතා සහ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් තියෙන බවට ආණ්ඩුව පුරසාරම් කීවද දවසෙන් දවස රටේ ජාතික සම්පත් තුට්ටු දෙකට විකුණන බවද විපක්ෂ නායකවරයා පැවසීය. රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණන ආණ්ඩුව හොර රහසේ ගිවිසුම් ගසන බවද විපක්ෂ නායකවරයා කීය.
නව තාක්ෂණය සමග කෘෂිකර්මාන්තයට අලුත් පණක් දී ඇතැයි අයවැයෙන් කීවද ප්‍රමිතියකින් තොර පොහොර මෙරටට ගෙන්වා සමාගම් අබියස දනින් වැටී ඇත්තේ කවුද කියා විපක්ෂ නායකවරයා විමසීය.