අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දරුවන් සිටින මව්වරුන්ට රට යාම තහනම් කරනු..!

දරුවන් සිටින මව්වරුන්ට රට යාම තහනම් කරනු..!

වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදේශ රැකියා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්. අබේරත්න මහතා සඳහන්…

වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදේශ රැකියා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්. අබේරත්න මහතා සඳහන් කළේ එම ලිපිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය මගින් අදාළ අමාත්‍යංශය වෙත යොමු කළ බව ය.

වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් නීතිමය පසුබිම විදේශ රැකියා නියුක්ති කාර්යංශය තමන්ගෙන් විමසා තිබූ බව ද ඔහු පැවසුවේ ය.

එම විමසීමට පිළිතුරු ලෙස වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත නොකරන ලෙසට දන්වා ලිපියක් යැවූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර විදේශගත වන දරුවන් සිටින කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා ගැනීම පිළිබඳව යළි සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් ද  පත් කර  තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව ය.

එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර සහ විජේදාස රාජපක්ෂ යන මහත්ම මහත්මීහූ ඇතුලත් වෙති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දරුවන් සිටින මව්වරුන්ට රට යාම තහනම් කරනු..! | Lanka Newsweek