අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දරුවන්ට ලෝක ළමා දිනය දා පොලිසියෙන් තිළිණයක්..!

දරුවන්ට ලෝක ළමා දිනය දා පොලිසියෙන් තිළිණයක්..!

දරුවා අධිකරණයට නොගොස් සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදයක් කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියේ පමණක් තිබූ පහසුකම දැන් සෑම පළාතකටම (හේමන්ත තුසිත කුමාර) 1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) මගින් ළමුන්ගේ වීඩියෝ…

දරුවා අධිකරණයට නොගොස් සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදයක් 

කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියේ පමණක් තිබූ පහසුකම දැන් සෑම පළාතකටම 

(හේමන්ත තුසිත කුමාර)

1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධි විධාන පනත) මගින් ළමුන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කර අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන සලසන ලදී.මේ දක්වා ළමා ආරක්ෂණ අධිකාරිය පමණක් මෙම පහසුකම තිබූ අතර දසත විසිරී සිටින දරුවන්ට මෙම කාර්යය සඳහා කොළඹට පැමිණීමට සිදු විය. මෙම කාර්යය වඩා පහසු කරවමින් පළාත් 9 තුළ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක ආරම්භ කිරීමට තීරණය කර ඇත.

දරැවන්ගේ අනන්‍යාවය හා මානසික අසරණභාවය වැලැක්වීමෙි මෙම නෛතික ක්‍රියාදාමය පහසු කරවමින් ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ බස්නාහිර පළාත් ළමා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකය රාගම ළමා පියසේ දී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් විවෘත කරන ලදී.

මෙම ඒකකය මඟින් මූලික සාක්ෂි සඳහා ළමුන් අධිකරණය වෙත කැඳවීමකින් තොරව සාක්ෂි මෙහෙයවීම සිදු වන අතර ළමුන් ද්වතීයික වින්දිත (නැවත නැවත) භාවයට පත්වීම වැළැක්වීම සිදුවේ. පළමු අදියරේ දී මහේස්ත්‍රාත් ඉදිරියේ ZOOM තාක්ෂණය ඔස්සේ අදාළ දරුවා අධිකරණයට නොගොස් සාක්ෂි ලබාදීම සිදු කෙරේ 

දැන්වීම

දරුවන් අධිකරණය ඉදිරියට නොගොස් මෙම ස්ථානයේ සිට ZOOM තාක්ෂණය ඔස්සේ විත්තියේ හරස් ප්‍රශ්න සඳහා යොමු කර වීම සිදුවන අතර දරුවන් මානසික වශයෙන් අසරණභාවයට පත් වීම මින් වළක්වනු ලැබේ. 

ශ්‍රී ලංකා පොලිසියේ පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් ඉතිරි පළාත් 8 හිද මෙම පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. කොළඹ මෙට්‍රොපොලිටන් රොටරි සමාජය සහ ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන අනුග්‍රහය ලැබී ඇත.

මෙම කටයුතු ළමා ආරක්ෂණ අධිකාරිය හා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එක්ව සිදු කිරීමෙි අවබෝධතා ගිවිසුමකට අත්සන් කෙරිණ

මෙම අවස්ථාව සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්යය මුදිත විදානපතිරන, අපරාධ හා රථවාහන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජේෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා රණසිංහ යන මහත්ම මහත්මීන් රැසක්ද සහභාගී විය.

දරුවන්ට ලෝක ළමා දිනය දා පොලිසියෙන් තිළිණයක්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දරුවන්ට ලෝක ළමා දිනය දා පොලිසියෙන් තිළිණයක්..! | Lanka Newsweek