අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

දරිද්‍රතාවය ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක්

දරිද්‍රතාවය ගැන ඇඟ කිළිපොලා යන හෙළිදරව්වක්

ජනයාගෙන් හරි අඩක් දරිද්‍රතාවයෙන් පෙළෙන බෙව හෙළි වේ ලෝක බැංකුව සහ පේරාදෙණිය සරසවිය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි ශ්‍රී ලනකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට වැටී ඇතැයි…

ජනයාගෙන් හරි අඩක් දරිද්‍රතාවයෙන් පෙළෙන බෙව හෙළි වේ

ලෝක බැංකුව සහ පේරාදෙණිය සරසවිය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වෙයි 

ශ්‍රී ලනකාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් දරිද්‍රතා සීමාවෙන් පහළට වැටී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශය කළ නවතම අධ්‍යයනයකදී හෙළි වී තිබේ.

මේ අතර ලෝක බැංකුව පුරෝකථනය කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2022 වර්ෂයේ දී 9.2%කින් සහ 2023 වසරේදී තවත් 4.2%කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව  සිටියි.

ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 අතර කාල සීමාවේ දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඇස්තමේන්තුව 25.6% දක්වා දෙගුණ වී ඇති අතර, දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 2.7ක් වන බව ද ලෝක බැංකුව අවධාරණය කර සිටියි.

දැන්වීම

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා කියා සිටින්නේ, මේ වසරේ ජනවාරි මාසය වන විට මෙරට සිටි දුප්පතුන් සංඛ්‍යාව 3,042,300ක් වූ අතර එම පිරිස මේ වන විට 96,90,000ක් වී ඇති බව සිය අධ්‍යයනයෙන් හෙළි වී ඇති බවය. 

2019 ජනවාරි සිට 2021 දෙසැම්බර් දක්වා දරිද්‍රතාවෙන් පෙළෙන පවුල් සංඛ්‍යාවේ වෙනසක් සිදු නොවූයේ යැයි ද, 2022 ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලයේ දී විශාල වශයෙන් දරිද්‍රතාව වැඩි වි ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

2019 වන විට දරිද්‍රතා සීමාවෙන් පහළ සිටි පවුල් සංඛ්‍යාව 6,81,800 වූ අතර එම සංඛ්‍යාව 2021 අවසන් වන විට 7,50,000ක් වී ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා ගෙවුණු මාස හත ඇතුළත දී එම පවුල් සංඛ්‍යාව පවුල් 2,422,500ක් දක්වා වර්ධනය වී ඇතැයි ද කියා සිටියි.

2021 වර්ෂය ආරම්භයේදී එක් පුද්ගලයකුට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම වියදම රුපියල් 7,919ක් වූ අතර එම මුදල 2022 ජූලි මාසය වන විට රුපියල් 13,138ක් වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

ඒ අනුව, සාමාන්‍ය පවුලකට 2021 අවසානය වන විට මාසයක් ජීවත්වීමට අවශ්‍ය අවම වියදම රුපියල් 29,278ක් වූ අතර එම මුදල මේ වන විට රුපියල් 48,611ක් දක්වා වර්ධනය වී ඇතැයි ද පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සිදු කෙරුණු එම සමීක්ෂණයේ දී හෙළි වී තිබේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න