අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දත්ත මගඩියේ ඇත්ත හෙළිකරනු..!

දත්ත මගඩියේ ඇත්ත හෙළිකරනු..!

(හේමන්ත තුසිත කුමාර) මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක්…

(හේමන්ත තුසිත කුමාර)

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ලබන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක කාලසීමාවකදීම අතුරුදහන් වීම බරපතල තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතු වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී 27/2 යටතේ ප්‍රශ්නයක් නගමින් පැවසීය.

එමෙන්ම ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සතු අධි සංවේදී දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන්වීම හා එහි සම්පූර්ණ වගකීම් එක් පෞද්ගලික ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙකුගේ අත්වැරැද්දක් බවට ලඝු කිරීම තුළින් රටේ මහජන ආරක්ෂාව ද දැඩි අවදානමකට ලක් කර ඇති බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දත්ත මගඩියේ ඇත්ත හෙළිකරනු..! | Lanka Newsweek