අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනයෙන් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙනවා

දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනයෙන් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙනවා

එම නීතිය වහාම සංශෝධනය කරනු විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි 2024 පෙබරවාරි මස 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363, 364 සහ 19 යන වගන්ති සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට…

එම නීතිය වහාම සංශෝධනය කරනු  

විපක්ෂ නායක රජයෙන් ඉල්ලයි

2024 පෙබරවාරි මස 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363, 364 සහ 19 යන වගන්ති සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත හරහා ලිංගික සේවනයට බාලවයස්කාර ගැහැණු දරුවන්ගේ වයස 16 සිට 14 දක්වා අඩු වීම, පිරිමි වරදකරුවකුට වයස 22ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම සේම 363 වගන්තිය සංශෝධනය කිරීම හරහා පුරුෂ සහ ස්ත්‍රී දූෂණ දෙකම එක වගන්තියකට ගෙන ඒම සම්බන්ධයෙන් බරපතළ විරෝධතාවක් කාන්තා පාර්ශ්වයෙන් එල්ල වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

363 කාන්තාවන්ට පමණක් වෙනම පරිච්ඡේදයක් ක්‍රියාත්මක විය යුතු බවත් පිරිමි පාර්ශ්වයට සිදු වන දූෂණ කටයුතු 365 බී 1 යටතේ දැනටමත් ක්‍රියාත්මක වන බවත් පිරිමි පාර්ශ්වයට සිදු වන අගතිය විශේෂිතව සඳහන් කිරීමේ ගැටලුවක් නොමැති වුවත් පිරිමින්ට සහ කාන්තාවන්ට සිදු වන දූෂණ ක්‍රියාවලී එකට යෙදවීම සම්බන්ධයෙන් කාන්තාවන්ගේ බරපතළ විරෝධයක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. 

රටක් ලෙස කාන්තා අයිතිවාසිකම් සම්මුතියට සහ ළමා අයිතිවාසිකම් සම්මුතියට පවා අත්සන් කර ඇති මොහොතක මේ යෝජනා රජයේ සාකච්ඡාවට භාජනය කර ඉදිරිපත් කර ඇති සංශෝධන වැදගත් කරුණු ලෙස සඳහන් කරන බවත් පාර්ලිමේන්තුවේම 225 ම මේ සම්බන්ධයෙන් එකම ස්ථාවරයක සිට මේ ගැන අවධානය යොමු කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

ළමා, කාන්තා සහ පුරුෂ පක්ෂයේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන, පාර්ශ්වකරුවන් සේම විශේෂඥයන් සිටින බැවින් ඔවුන් කැඳවා සාකච්ඡා කර මේ වැරදි ක්‍රියාව අත්හිටුවා කාන්තා සහ ළමා සම්මුතියට අනුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් මෙම ක්‍රියාවලිය සෞඛ්‍ය අංශයේ නිසි උපදෙස් මත ක්‍රියාත්මක නොවූ බවට වාර්තා වන නිසා මෙම බරපතළ කරුණු සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කර සංශෝධන සිදු කරන ලෙස ද සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් රජයෙන් ඉල්ලා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනයෙන් කාන්තාවන්ට සහ ගැහැණු දරුවන්ට දැඩි අසාධාරණයක් සිදු වෙනවා | Lanka Newsweek