දකුණේ DIGගේ ලිංගික අපරාධ හෙළිවේ..!

සිය සුනඛයන්ගේ මැක්කන් ගැළවීමට පොලිස් නිලධාරීන් යොදවලා සුනඛයාගේ උපන් දිනය සිය කාර්යාලයේ ජයටම සමරයි..! (ජයකාන්ත ලියනගේ) කාන්තා පොලිස් නිලධාරිනියක් ලිංගික හිංසනයට පත් කොට ඇය ඇතුඑ තවත් නිලධාරින්ට බැණ…
සිය සුනඛයන්ගේ මැක්කන් ගැළවීමට පොලිස් නිලධාරීන් යොදවලා
සුනඛයාගේ උපන් දිනය සිය කාර්යාලයේ ජයටම සමරයි..!
(ජයකාන්ත ලියනගේ)
කාන්තා පොලිස් නිලධාරිනියක් ලිංගික හිංසනයට පත් කොට ඇය ඇතුඑ තවත් නිලධාරින්ට බැණ වැදී තර්ජනය කරමින් පරිභව කිරීම ඇතුඑ මුදල් වංචා, රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ චෝදනා මත දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පොලිස් මුලස්ථානය පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශණ ඒකකය මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙන බවද දැනගන්නට තිබේ.
දැන්වීම
දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් එෆ් වී ප‍්‍රනාන්දු මහතාට එරෙහිව එම කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ලඝු ලේඛිකාවක් වන ඞී නදීෂා සමන්මලී ද සිල්වා (3127) කාන්තා පොලිස් කොස්තාපල්වරිය විසින් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වරයා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙන බවද කියති. නියෝජ්‍ය පොලිස්පති වරයා විසින් සිදු කරන ලදැයි කියන කාන්තා පොලිස් නිලධාරිනියන් ලිංගික හිංසනයට ලක් කිරීම, ප‍්‍රභූ පිරිස් ඉදිරියේ තර්ජනාත්මකව පරුෂ වචනයෙන් බැන වැදීම, රාජ්‍ය දේපල හා මුදල් අවභාවිතා කිරීම ඇතුඑ පරිපාලන ගැටලු රැසක් සම්බන්ධයෙන්ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වරයාට අමතරව පොලිස්පති වරයාට හා පාර්ලිමේන්තු කොමසාරිස් ඔම්බුඞ්ස්මන් කාර්යාලය, වෙතද පැමිණිලි කර ඇත.
ඞී නදීෂා සමන්මලී ද සිල්වා (3127) මහත්මිය 2018 ජනවාරි 29 වන දින කරන ලද පැමිණිල්ලට අනුව ජාතික පොලිස් කොමිසම් සභාව මගින් මේ පිළිබදව අවධානය යොමු කර 1964 අංක 26 දරණ පනතින් සංශෝදිත 1981 අංක 14 පනතේ 10 වැනි ඡේදයේ එම කොමිසමේ සභාපතිවරයා වෙත පැවරි ඇති බලතල අනුව මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ.
එම පැමිණිල්ල මගින් පොලිස් ආඥා පනත යටතේ පොලිස් නිල නිවාස තුළ සුරතල් සතුන් ඇති කිරීම නොහැකි බවයි. එහෙත් මෙකී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුගේ නිල නිවාසයේ මෙන්ම කාර්යාලයේ ද සුනඛයින් සුරතල් කර එම සතුන්ගේ උපන් දින සාද පවත්වමින් ඇතැම් අවස්ථාවල එම සතුන්ගේ මැක්කන් ඉවත් කිරිමට පැමිණිලිකාර පොලිස් නිලධාරිනියට මෙන්ම සෙසු නිලධාරින්ටද නියෝග කරන බව සදහන් කර ඇත.

පැමිණිලිකාර පොලිස් නිලධාරිනිය කාර්යාලයට කැදවා නාන කාමරයේ වතුර එකක් ගෙන ඒමට යැයි පවසා ඇයට එම අවස්ථාවේ අතවර කිරීමට උත්සාහ දැරීමේ අවස්ථාවන් කිහිපයක් මෙන්ම කොට කලිසමකින් මෙන්ම ඇතැම් අවස්ථාවල සරමක් ඇද උඩුකය නිරාවරණය වන ලෙස තම කාර්යාලයේ සේවයේ යෙදෙමින් පොලිස් නිලධාරිනියන් වරදට පොළඹවා ගැනීමට උත්සාහ දැරීමේ අවස්ථාවන් සම්බන්ධයෙන්ද මෙම පැමිණිල්ලේ සදහන් වන බවත් ජාතික පොලිස් කොමිසම කියයි.
(ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී සුඛයාගේඋපන්දින සාදය පැවැත්වු අයුරු.)
චෝදනාවට ලක්ව ඇති මෙම නියෝජ්‍ය පොලිස්පති වරයා කාර්යාල වේලාවන් තුළ කොට කලිසමකින් සහ ඇතැම් අවස්ථාවල සරමකින් සැරසී සේවයේ යෙදෙන අවස්ථාවල ඔහුගේ යට කලිසම ගලවා බීජ් කේස් එක තුලට දමා කාන්තා පොලිස් නිලධාරිනියට එහි තුල ඇති ෆයිල් එලියට ගන්නා ලෙස අවස්ථා කිහිපයක් ම පවසා ඇය අපහසුතාවයටද පත් කර ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයාට එරෙහිව රාජ්‍ය දේපල අවභාවිතා කිරිමේ චෝදනා ලෙස එල්ල කර ඇත්තේ නිල නිවස්නය තුළ සුරතල් සතුන් ඇති කිරිම තහනම් වුව ද ඔහු හදාවඩා ගත් සුනඛයා නෑවිමට ජීප් රථයක් මෙන්ම නිලධාරින් තුන් දෙනෙකු යොදවා දින තුනකට වරක් මුහුදේ නෑවිමට මෙම සුනඛයා රැුගෙන යන බවයි. තමන් යටතේ පවතින ජීප් රථවල මෙන් ම නිල මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සදහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබා ගන්නා ආකාරය සාක්ෂි ඇතිව ඉදිරිපත් කර ඇති බව ද පැවසේ.
ඒ අනුව කොළඹ පොලිස් මුලස්ථානයේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගේ නියෝග මත චූදිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව මේ වන විටත් පරික්ෂණ ආරම්භ කර ඇතැයි පැවසේ.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් ඇතුලූව එම කොට්ඨාශයේ නිලධාරින් සමගින් මෙකී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ කාර්යාලයට එම පරික්ෂණ සදහා නිලධාරින් යන විටත් පැමිණිල්ලේ සදහන් සුනඛයා සුරතල් කරමින් කොට කලිසමකින් සැරසී රාජකාරි වේලාව තුළ තම කාර්යාලයේ සිටි බවත් මෙම නිලධාරින් පැමිණි කාරණාව පැවසීමත් සමග එම නියෝජ්‍ය පොලිස්පතිවරයා හඩා වැටී තමන්ට අවාසි සහගත ලෙස මෙම රාජකාරී සටහන් නොකරන ලෙසත් බැගෑපත්ව ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. මෙම නිලධාරියාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර ප‍්‍රකාශ ලබා දි ඇති පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකුටම අයහපත් සේවා වාර්තා මත වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දි ඇති බවත් පැවසේ.
(තමන්ගේ බසට අවනත නොවූ තැන සේවය අසතුටුදායක යැයි පවසා නිලධාරිණියන්ට ලබාදුන් ස්ථාන මාරුවීම්.)
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එෆ්. යු ප‍්‍රනාන්දු මහතාගෙන් විමසීමට ගත් උත්සාහයන් අසාර්ථ විය. එම කාර්යාලයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි.
පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගෙන් විමසීමේදී හෙතෙම පැවසුවේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බව හෙතෙම තහවුරු කලාය. ඊට වඩා යමක් ප‍්‍රකාශ කල නොහැකි බවද ඔහු පැවසීය.
(ඞී. නදීෂා සමන්මලී ද සිල්වා (3127) කාන්තා පොලිස් කොස්තාපල්වරිය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයාට යවන ලද ලිපිය.)

