අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණේ ලොකුම කසිප්පු තිප්පොල වටලයි

දකුණේ ලොකුම කසිප්පු තිප්පොල වටලයි

(ජයකාන්ත ලියනගේ) පිටිගල පොලිස් වසමේ දෙල්පෝවන ප‍්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන යනු ලැබූ මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක් ටැටලූ පිටිගල පොලීසිය ගෝඩා තොගයක්, පෙරන ලද කසිප්පු තොගයක් සහ උපකරණ රැසක් සමග…

(ජයකාන්ත ලියනගේ)

පිටිගල පොලිස් වසමේ දෙල්පෝවන ප‍්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන යනු ලැබූ මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක්  ටැටලූ පිටිගල පොලීසිය ගෝඩා තොගයක්, පෙරන ලද කසිප්පු තොගයක් සහ  උපකරණ රැසක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි පත්තිනිදේව මිල්ටන් (52) නැමැති අය සහ තලාව පාර, කුරුඳුගහ, ඇල්පිටිය ලිපිනයේ පදිංචි සුසීකා අතුකෝරල (50) නැමැති කාන්තාවයි.

දැන්වීම

සැකකරුවන් දෙදෙනා සමග කසිප්පු හා උපකරණ තොගය  ඇල්පිටිය මහේස්ත‍්‍රාත් සමීර දොඩන්ගොඩ මහතා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

මෙම කසිප්පු ස්කාගාරය දකුණු පළාතේ මෙතෙක් වටලන ලද විශාලතම කසිප්පු ස්කාගාරය බවත් තවත් සැකකරුවන් කිහිප  දෙනෙකුම අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බවත් පිටිගල පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙම කසිප්පු ස්කාගාරයේ තිබී පෙරීමට සූදානම් කර තබූ ගැලූම් 45ක් ගෝඩා බැරල් 45 ක්, පෙරන ලද කසිප්පු ස්ප‍්‍රීතූ බෝතල 180 ක්, කසිප්පු වාෂ්පය ශීතල කිරීමට යොදා ගන්නා තඹ දගර 05 ක්, ගෑස් ලිප් 05 ක්, හිස් කසිප්පු බූලී 25 ක්, යූරියා කිලෝ ග‍්‍රෑම් 25 ක්, සීනී කිලෝ ග‍්‍රෑම් 50 මිටි 01 ක්, අත් අඩංගුවට ගෙන තිබේ.

ඊට  අමතරව ඊස්ට් හිස් ගෝනි 05 ක්, සීනි හිස් ගෝනි 30 ක්, ද සමග හිස් බූලි, ඇස්ලෝන් බට, ඇතුළු උපකරණ විශාල තොගයක් සොයා ගෙන තිබේ. කසිප්පු පැකට් කිරීමට යොදා ගන්නා ලද පොලිතීන් බණ්ඩලයක් සහ ගොසරි බෑග් බණ්ඩල 05 ක් ද ඒ අතර තිබී ඇත. ඊලග කසිප්පු නිශ්පාදනය සදහා ගෑස් රැගෙන ඒමට හිස් ගෑස් සිලින්ඩර් වෙළෙඳ පොල වෙත රැගෙන ගොස් තිබූ බවද පිටිගල පොලිසිය කියයි.

තලාව පාර, කුරුඳු ගහ, ඇල්පිටිය ලිපිනයේ පදිංචි මාකස් අතුකෝරල (55) නැමැති අයගේ සුවිසල් නිවස මසකට රුපියල් 40,000/- බැගින් වු කුලී පදනම මත ලබාගෙන එම නිවස තුල මෙම කසිප්පු නිශ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබෙන බව පිටිගල පොලීසිය මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ මෙම නිවසේ හිමිකරු මාකස් අතුකෝරල නැමැති අයගේ බිරිය වන සුසීකා අතුකෝරල (50) නැමැති කාන්තාවයි.

ඇය ද මෙම කසිප්පු ව්‍යාපාරයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි පිටිගල පොලිසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළ අතර  මෙම කාන්තාව සහ නිවසේ හිමිකරු දැනට තාවකාලිකව ඇල්පිටිය, කුරුඳු ගහ ලිපිනයේ පදිංචිව සිටින බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

නිවස ඉදිරිපිටට පෙනෙන සේ පවත්වා ගෙන ගොස් ඇත්තේ කුරුඳු දර ව්‍යාපාරයකි. නිවස ඉදිරිපිට ඉතා විශාල වශයෙන් කුරුඳු දර හා ගැටගසන ලද කුරුඳු දර මිටි තිබු බවද පොලිසිය කියයි. මෙය කසිප්පු ව්‍යාපාරය රහසිගතව පවත්වාගෙන යෑමේ උපක‍්‍රමයක් ලෙස භාවිතා කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වි තිබේ.

මෙසේ නිශ්පාදනය කරන කසිප්පු පිටිගල ප‍්‍රදේශයේ අලෙවි නොකරණ ලද බවත් ඒවා ඈත ප‍්‍රදේශයන්ට ගෙන ගොස් අලෙවි කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම කසිප්පු කොළඹ ප‍්‍රදේශයට ගෙන යන ලද බවට තොරතුරු ලැබී තිබෙන බවද පොලීසිය කියයි.

පිටිගල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ට්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන සුනිල් (24091) පාලිත (45786) ධම්මික (7185) පොලිස් කොස්තාපල් වරුන් වන සුරංග කුමාර (86583) සෙනෙවිරත්න (73024) රුවන්තිලක (28508)  යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැටලීම සිදුකර සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
දකුණේ ලොකුම කසිප්පු තිප්පොල වටලයි | Lanka Newsweek