අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණේ අන්තවාදීන්ගේ වැඩ නිසා සිද්ධ වෙන්නේ උතුරේ දරුණු අන්තවාදීන් බිහිවීම

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ගැන අගමැතිට ඇමරිකාවෙන් ප්‍රසංසා

(සුජිත්න මංගල ද සිල්වා) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දකුණේ අන්තවාදීන් විරුද්ධවීම හේතුවෙන් එම වැඩ කටයුතු කල් යාමෙන් සිදු වන්නේ උතුරේ තවත් දරුණු අන්තවාදීන් බිහිවීම යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා…

(සුජිත්න මංගල ද සිල්වා)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දකුණේ අන්තවාදීන් විරුද්ධවීම හේතුවෙන් එම වැඩ කටයුතු කල් යාමෙන්  සිදු වන්නේ උතුරේ තවත් දරුණු අන්තවාදීන් බිහිවීම යැයි  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් සමග අරලිය ගහ මන්දිරයේදී අද (16) පැවැත්වූ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ  රට ජනතාව ගැන හැගීමක් ඇතිව දේශපාලනය කරනවා නම් ඒ මිනිස්සු මේ බරපතළ කරුණු කරණා තේරුම් ගත යුතු බවය.

අගමැතිවරයා මේ බව පැවසුවේ ද්‍රවිඩ ජාතික සන්ධානය ඒකීය රටක බුදු දහම පිළිගන බලය බෙදීමකට යන්න සූදානම් වෙලා තියෙද්දි ෆෙඩරල් ඉල්ලන සී වී විග්නේෂ්වරන්  එස් සිවාජිලින්ගම් සහ  ප්‍රේමචන්ද්‍රන් පොන්නම්බලම්ලා වෙනමම සන්ධානයක් හදා ගෙන යන්න උත්සහ කිරීම සම්බන්ධයෙන් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කරුණු මතු කළ අවස්ථාවේදීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දකුණේ අන්තවාදීන්ගේ වැඩ නිසා සිද්ධ වෙන්නේ උතුරේ දරුණු අන්තවාදීන් බිහිවීම | Lanka Newsweek