අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණේ අධ්‍යාපන නිලධාරින් රැසක් සිමාව ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන..!

දකුණේ අධ්‍යාපන නිලධාරින් රැසක් සිමාව ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන..!

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ රාජකාරි කරන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක සහ විෂය අධ්‍යාපන සහකාර අධ්‍යක්‍ෂකවරුන් විසි දෙකක් (22) ඇතුඑ පනහකට (50) අධික කාර්යය මණ්ඩලය සදහා නියමිත අතිකාල සීමාව ඉක්මවා දීමනා ගෙවා…

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ රාජකාරි කරන කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක සහ විෂය අධ්‍යාපන සහකාර අධ්‍යක්‍ෂකවරුන් විසි දෙකක් (22) ඇතුඑ පනහකට (50) අධික කාර්යය මණ්ඩලය සදහා නියමිත අතිකාල සීමාව ඉක්මවා දීමනා ගෙවා ඇති බව  දකුණු පළාත් විගණන අංශ තොරතුරු වලින් කරුණු අනාවරණය වේ.

2017 වසරේ මෙවැනි අතිකාල දීමනා කිසිවක් ලබා නොගැනීමත් 2018 වසරේ ජූලි මාසයේ සිට මෙලෙස අතිකාල දීමනා ලබා ගැනිම ප්‍රශනගත සිද්ධියක් බවත් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විගණන අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාව සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක තනතුරු දරන විසි දෙදෙනෙක් (22) ඇතුලු කාර්යමණ්ඩලය 50 දෙදෙනෙකු සඳහා සෑම සෙනසුරාදා දිනකම එක් අයෙකු පැය 08 බැගින් අතිකාල දීමනා ලබා ගෙන ඇති බවත් එම තොරතරු වලින් කරුණු අනාවරණය වේ.

සියලුම අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුගේ වැටුප් අනුව ඔවුන්ට පැයකට හිමි අතිකාල දීමනා මුදල ගණනය කරන අතර මෙම කාල සීමාව තුළ ඔවුන් කර ඇති වැඩ පිළිබදව සෑහීමකට පත් විය නොහැකි බවද දකුණූ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැලසුම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියක් ප්‍රකාශ කළාය. අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධ ලිපිගොනු වල අඩුපාඩු පරික්ෂා කිරිම, ගුරුවරුන්ගේ හිග වැටුප් හා වැටුප් තලයන් සම්බන්ධ ලිපි ගොනු සැකසීම සදහා මෙම අතිකාල දීමනා වෙන් කරගෙන ඇති බවද එම ජේෂ්ඨ නිලධාරිණිය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

දැන්වීම

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාපයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ප්‍රකාශ කළේ තමන්ගේ වැටුප් වර්ධකයන් සහ හිඟ වැටුප් ලිපිගොනු වසරකට අධික කාලයක සිට සකසා ගැනිමට ගන්නා උත්සාහය මෙතෙක් සාර්ථක වි නොමැති බවයි. ස්ථාන මාරු සඳහා ගුරුවරුන් නියමිත ක්‍රමවේදයට අනුව නිවැරදිව ස්ථාන මාරු අයදුම්පත්‍ර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක වෙත යොමු කර තිබෙන බවත් ඒවා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අසම්පුර්ණ ලෙස යොමු කිරිම නිසා ස්ථාන මාරු අයදුම්පත්‍ර ආපසු අම්බලන්ගොඩ කලාප කාර්යාලය වෙත එවා තිබෙන බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ගුරු ස්ථාන මාරු අයදුම්පත්‍ර අසම්පුර්ණ යැයි පවසා ආපසු එවිමට හේතුව වි ඇත්තේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකගේ නිර්දේශය සදහා වෙන් කර ඇති තීරුවේ අධ්‍යක්‍ෂකගේ අත්සන හා නිලමුද්‍රාව නිවැරදි ලෙස සටහන් කර නොමැති විම බවත් ඒ හේතුවෙන් අසම්පුර්ණ ගුරු ස්ථාන මාරු අයදුම්පත්‍ර ලෙස ඒවා සදහන් කර අයදුම්පත්‍ර 97 ක් ආපසු එවා ඇති බවත් ගුරුවරුන් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාප අධ්‍යෂිකා ගීතානි විජේගුණසිංහ මහත්මියගෙන් විමසූ විට මාධ්‍යයට තොරතුරු කියන්න මට බලයක් නොමැති බවත් කරුණාකර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අහගන්න යැයිද ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

"ඔය කියන කාරණාව සම්බන්ධයෙන් මම විශේෂ විමර්ශන කණ්ඩායමක් යොමු කර සොයා බැලීමට කටයුතු කරන්නම්. අතිකාල වෙන් කරන්නේ නිශ්චිත කාරණයක් සදහායි. එයින් පරිබාහිරව අතිකාල ලබා ගැනීමේ හැකියාවක් නැහැ" යැයිද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
දකුණේ අධ්‍යාපන නිලධාරින් රැසක් සිමාව ඉක්මවා අතිකාල දීමනා ලබාගෙන..! | Lanka Newsweek