අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණේ අධ්‍යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..!

දකුණේ අධ්‍යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..!

(ජයකාන්ත ලියනගේ) දකුණූ පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පදිංචි ගාල්ල, ලබුදූවේ පිහිටි නිල නිවාසයේ වහල දිරාපත් වී සිවිලිම කඩා වැටීමට ආසන්න තත්වයකට පත්ව තිබෙන බව පළාත් පාසල් ඉංජිනේරු අංශය…

(ජයකාන්ත ලියනගේ)

දකුණූ පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පදිංචි ගාල්ල, ලබුදූවේ පිහිටි නිල නිවාසයේ වහල දිරාපත් වී සිවිලිම කඩා වැටීමට ආසන්න තත්වයකට පත්ව තිබෙන බව පළාත් පාසල් ඉංජිනේරු අංශය අනතුරු අගවා ඇතැයි දැනගන්නට තිබේ.

මෙම නිල නිවසේ බොහෝ ස්ථාන දිරාපත්ව කඩා වැටෙන්නට ආසන්නව පමණක් නොව ඇතැම් ස්ථානකඩ කඩා වැටෙමින් තිබෙන බවද දක්නට ඇත.

දකුණේ අධ්‍යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..!

මෙම නිල නිවාය අලුත් වැඩියා කිරිම සදහා රුපියල් ලක්ෂ විස්සක (20,00000/-) ක පමණ මුදලක් වෙන් කර තිබේ. නමුත් මෙම මුදල අළුත් වැඩියා කටයුතු සදහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව දකුණු පළාත් පාසල් ඉංජිනේරු අංශයේ සැලසුම් අධ්‍යක්‍ෂක කාර්යාලය පවසයි. ඒ නිසාම මෙම නිවසේ අළුත් වැඩියා කටයුතු දිනෙන් දිනම පමා වෙමින් තිබෙන බවද දකුණු පළාත් පාසැල් ඉංජිනේරු අංශයේ සැලසුම් අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලය ආසන්නයේ පිහිටා ඇති දකුණු පළාත් සභාවේ නිල නිවාස සංකීර්ණය තුල පිහිටි මෙම දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිල නිවාසය 1980 දශකයේ ඉදිකර ඇත. එම නිල නිවාසය මේ වන විට වසර 40 කට වඩා පැරණි එකකි. එහි වහලට යොදා ඇති ඇස්බැස්ටෝස් ෂීට් මෙන්ම සිවිලිමට යොදා ඇති ඇස්බැස්ටෝස් ෂීට් හා ඒවා රදවා ඇති ලී දඩුද බොහෝ ස්ථානයන්හි  දිරාපත්ව ඇත. ඒවා ඇතැම් ස්ථාන වලින් කඩා වැටීමට ආසන්නව තිබෙන අතර ඇතැම් ස්ථාන වල කොටස් කඩාවැටී ඇති බව එහි ගිය අපට දක්නට ලැබුණි.

දකුණේ අධ්‍යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..!

2014 වර්ෂයේ සිට මේ දක්වා දකුණු පළාතේ 05 වසර ශිෂ්‍යත්ව විභාගය, අපොස (සාමාන්‍ය පෙළ) හා උසස් පෙළ විභාග ප්‍රතිපල ජාතික මට්ටමෙන් ඉහළට ඔසවා තැබීමට අපමණ වෙහෙසක් දරා කටයුතු කර ඇති දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිම රාසපුත්‍රම් මහතා දැනට පදිංචිව සිටින නිල නිවසේ වර්ග අඩි 2000 කට අඩු කාමර 03 ක් සහ සාලයකින් සමන්විතය. එය ඉතා පැරණි එකක් බැවින් විශාල අනතුරක් සිදුවීමට පෙර එය පිලිසකර කල යුතු බව දකුණු පළාත් සභාවේ සේවකයෝද පවසති.

පරිඝණක විශේෂඥයකු ලෙස ඇමෙරිකාවේ පදිංචිව එම රටට සේවය කරමින් සිටියදී පසුගිය රජයෙන් ලැබුණු ආරාධනාවකට අනුව චන්දිමා රාසපුත්‍ර මහතා මෙරටට පැමිණ ක්‍රියාකාරී දේශපාලනයට පිවිස තිබේ. පසුව දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ චන්දිමා රාසපුත්‍ර මහතාට ඇමරිකාවේ අංග සම්පුර්ණ නානතටාක සහිත සුවිසල් මන්දියරක් තිබෙණ බවද ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. නමුත් දැනට ඔහු පදිංචි නිවස තුල සිමෙන්ති දැමු පොලොව පිටත පේමන්ට් හා කානු පද්ධතිය දිරාගොස් මදුරුවන් සහිත පරිසරයක් නිර්මාණය වී තිබෙන බව දක්නට හැකිය. ඔහු මෙම නිවසේ ජිවත් වෙමින් දකණු පළාතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටුකරන මහගු සේවය පිලිබද අදාල බලධාරින්ගේ අවධානය යොමු නොවිම කනගාටුවට කරුණක් බව දකණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

දකුණේ අධ්‍යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..!

 

මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ආරාධනාවක් පරිදි දකුණු පාළාත් සභාවට තරග කොට 2010 වසරේ සිට අධ්‍යාපන දකුණු පළාත් අධ්‍යාපන ඇමති ධූරය දරන චන්දිමා රාසපත්‍ර මහතා මේ වන විටත් එම නිල නිවසේ රැදී සිටිමින් බොහෝ අපහසුකම් මත දකුණේ අධ්‍යාපනයට සේවය ඉටුකලත් ඔහු පදිංචිව සිටින දිරාපත් වු වහල සහිත සිවිලිම නිවස කොයි මොහොත් හෝ කඩා වැටී අනතුරක් විමට පෙර ඒ පිලිබද වහාම සොයා බලා පිළියම් යොදන ලෙස ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ අවධානයට ලක්වනු ඇතැයි දකුණේ පාසැල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
දකුණේ අධ්‍යාපන ඇමති නිල නිවස ගරා වැටිලා..! | Lanka Newsweek