දකුණු පළාතේ මුහුදු වෙරළ - මුහුදට හේදිලා ගිහින්

දැනටමත් අඩි 07 ක් 08 ක් පමණ මුහුදට හේදිලා..! මුහුදේ සිට අඩි 15 ක් 20 ක් පමණ සේදී යෑමේ අවදානමක් බළපිටිය, බ්‍රාක්මණවත්ත, වැල්ලවත්ත, වැල්ලබඩ, වතුරේගම ආදී මුහුද ආසන්නයේ පිහිටි ප්‍රදේශ කිහිපයක්ම දරුණු ලෙස…
දැනටමත් අඩි 07 ක් 08 ක් පමණ මුහුදට හේදිලා..!
මුහුදේ සිට අඩි 15 ක් 20 ක් පමණ සේදී යෑමේ අවදානමක්
බළපිටිය, බ්‍රාක්මණවත්ත, වැල්ලවත්ත, වැල්ලබඩ, වතුරේගම ආදී මුහුද ආසන්නයේ පිහිටි ප්‍රදේශ කිහිපයක්ම දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක් වෙමින් පවතී. මේ දිනවල පවතින අධික සුලං හා වාරකන් කාලය හේතුවෙන් මෙසේ මුහුදු ඛාදනය අධික වි තිබෙන බව ප්‍රදේශවාසීන් කියයි.
බළපිටිය, බ්‍රාක්මණවත්ත ප්‍රදේශයේ විශාල වශයෙන් මුහුදට ගොඩබිම සේදී යෑම හේතුවෙන් පොල්ගස් කිහිපයක්ම ගැලවී ගොස් තිබෙන අයුරු දැකිය හැකිය. මෙම තත්ත්වය තව දුරටත් පැවතිය හොත් මෙම ප්‍රදේශයේ ඉඩම්, මුහුදේ සිට අඩි 15 ක් 20 ක් පමණ සේදී යෑමේ අවදානමක් පවතින බවත් දැනටමත් අඩි 07 ක් 08 ක් පමණ මුහුදට සේදී ගොස් තිබෙන බවත් ඉඩම් හිමියෝ ප්‍රකාශ කරති.
මෙම ප්‍රදේශයේ තිබූ මුහුදු වෙරළ මේ වන විට සම්පූර්ණයෙන්ම අහිමි වී තිබෙන බවද ඉඩම් හිමියෝ පෙන්වා දෙති. මේ නිසාම මුහුදු ඛාදනයට ලක් වූ ප්‍රදේශයේ පස් කණ්ඩිය අඩි 05 ක් පමණ උසින් යුක්තය. මෙම පස් කණ්ඩිය යටින් විශාල වශයෙන් සේදී තිබෙන නිසා ඒ ආසන්නයට පවා ගමන් කල නොහැකි තත්ත්වයක් පවතී.
දැන්වීම
සිය ඉඩම් විශාල වශයෙන් සේදී යෑමට පෙර ගල් වැටියක් ඉදිකර දෙන ලෙස ඉඩම් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති. එසේ නොවුණ හොත් මෙවර වාරකන් කාලය අවසන් වන විට සිය ඉඩම් වලින් පර්චස් 05 ක් 06 ක් මුහුදු රකුසා ගිල ගැනීමේ අවධානමක් පවතින පවද ඉඩම් හිමියන්ගේ මතව වි තිබේ.
බළපිටිය, බ්‍රාක්මණවත්ත ප්‍රදේශය මුහුදු ඛාදනයට ලක්ව තිබූ ආකාරය සම්බන්ධයෙන් අඟහරුවාදා (22) සවස ගත් ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
