අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා සම්මානයෙන් කතානායක පිදුම් ලබයි

දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා සම්මානයෙන් කතානායක පිදුම් ලබයි

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි "කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්" (සුජිත් මංගල ද සිල්වා) “ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක්…

ප්‍රජාතන්ත්‍රවාදයයි-මහ ජන සේවයයි උදෙසා කළ මෙහෙවර අගයයි 

"කතානායකට ලැබුණු ජාත්‍යන්තර ගෞරව සම්මානය එජාප ජනපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක්"

දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා සම්මානයෙන් කතානායක පිදුම් ලබයි

(සුජිත් මංගල ද සිල්වා)

“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා ජාත්‍යන්තර ගෞරව සම්මානයට පාත්‍ර විය.

“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස කරු ජයසූරිය මහතා මෙසේ ජාත්‍යන්තර ගෞරවාභිමනී සම්නමායට පාත්‍ර වූයේ එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20 වන සංවත්සරය නිමිත්තෙන් වන අතර ඊට අදාළ ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සෙනසුරාදා (02) අභිමානවත් ලෙස පැවැත්විණ.
 
"දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා" ජාත්‍යන්තර ගෞරව සම්මානය කතානායක කරු ජයසූරිය මහතාට වෙත පිරිනැමුණේ භාරතයේ "සන්සාඩ්" සංවිධානයේ මහ ලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් මැතිතුමා සහ ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වූ මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ මුලිකත්වයෙනි.

“ප්‍රජාතන්ත්‍රවාදය සහ අවංක මහ ජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා” ලෙස ජාත්‍යන්තර සම්මානය දිනා ගනිමින් කරු ජයසූරිය මහතා ශ්‍රී ලංකාවට අති විශාල ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අතර සිය මව්බිමේ ශ්‍රී නාමය සහ එහි අභිමානය යළිත් වතාවක් මුළු ලෝකයටම රැගෙන ගිය බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

දැන්වීම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 ඔක්තෝබර් 26 වැනිදා සිදු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයේදී ද,කරු ජයසූරිය මහතා ඊට බිය සුළු,ගැති සහ වංක නොවී ඊට එරෙහිව රට ජනතාව වෙනුවෙන් ඍජුව සිටිමින් එම කුමන්ත්‍රණය පරාජය කරවා සිය නීති ගරුක,යුක්ති ගරුක සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවය රටට ජනාතවට වගේම මුළු ලෝකයටම මනාව ඔප්පු කළ බව ද ඔවුහූ පැවසූහ.

ඒ අර්ථයෙන් කරු ජයසූරිය මහතා රටට,ජනතාවට සහ එක්සත් ජාතික පක්ෂයට අභාරණයක් වගේම ගෞරවයක් බව ද,මේ මොහොතේ මෙම ජාත්‍යන්තර ගෞරව සම්මානය දිනා ගැනීමට ඔහුට හැකිවීම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට විශාල රුකුලක් වනු ඇතැයි ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් අවධාරණය කළහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා සම්මානයෙන් කතානායක පිදුම් ලබයි | Lanka Newsweek