අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තේ දළු මිල පහළට..!

තේ දළු මිල පහළට..!

මීට මාස කිහිපයකට පෙර වැඩි වී තිබුණු තේ දළු මිල යළිත් පහළ ගොස් ඇති බව තේ වගා කරුවෝ ප්‍රකාශ කර සිටිති. ඔවුන් පවසන්නේ මීට මාස කිහිපයකට පෙර අමු තේ දළු කිලෝවක් රුපියල් 100 ඉක්මවූ ඉහළ මිලකට පැවතී නමුත් මේ…

මීට  මාස කිහිපයකට පෙර වැඩි වී තිබුණු තේ දළු මිල යළිත් පහළ ගොස් ඇති බව තේ වගා කරුවෝ ප්‍රකාශ කර සිටිති.

ඔවුන් පවසන්නේ මීට මාස කිහිපයකට පෙර අමු තේ දළු කිලෝවක් රුපියල් 100 ඉක්මවූ ඉහළ මිලකට පැවතී නමුත් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල තේ දළු කිලෝවක මිල රුපියල් 80ක් දක්වා පහළ ගොස් ඇති බවයි.මේ හේතුවෙන් තේ වගා කරුවන් ආර්ථික වශයෙන් යළිත් වරක් ඇද වැටී ඇති බව ඔවුන් පවසයි.

ඉරානයට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක හමුවේ මෙම මිල පහළ යාම සිදුව ඇති බව තේ මණ්ඩලයේ කොමසාරිස් ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතා සඳහන් කරයි.මෙම  තත්වයට   විසඳුම් ලබා දීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව ද  ඒ මහතා ප්‍රකාශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තේ දළු මිල පහළට..! | Lanka Newsweek