අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තෙලෙන් බැදපු ආහාර වැඩිහිටි කතුන්ට මාරකයක්..!

තෙලෙන් බැදපු ආහාර වැඩිහිටි කතුන්ට මාරකයක්..!

(සමීර වීරක්කොඩි) “ෆ‍්‍රයිඞ් ෆුඞ්” හෙවත් තෙලෙන් බැදපු ආහාර ගැන විශාල උනන්දුවක් බොහෝ දෙනා අතර පවතිනවා. මේ ආහාර අතර බැදපු කුකුළු මස්, අල වගේම බැදපු මාළු ද පවතිනවා. මේ ප‍්‍රයිඞ් ෆුඞ් වැඩිපුර ආහාරයට ගැනීම…

(සමීර වීරක්කොඩි)

“ෆ‍්‍රයිඞ් ෆුඞ්” හෙවත් තෙලෙන් බැදපු  ආහාර ගැන විශාල උනන්දුවක් බොහෝ දෙනා අතර පවතිනවා. මේ ආහාර අතර බැදපු කුකුළු මස්, අල වගේම බැදපු මාළු ද පවතිනවා.

මේ ප‍්‍රයිඞ් ෆුඞ් වැඩිපුර ආහාරයට ගැනීම මරණය ඉක්මන් කරවීමක් බවයි ඇමෙරිකානු පර්යේෂක Yangbo Sun පෙන්වා දෙන්නේ. විශේෂයෙන් ඇමෙරිකානු වැඩිහිටි කතුන්ගේ මරණ ඉක්මන් වීමට මේ ආහාර රටාව බලපාන බව ඔහු පවසනවා.

පර්යේෂකයෝ සිය අධ්‍යයනය සඳහා වයස අවුරුදු 50-79 අතර වූ කතුන් 106,966කගේ දත්ත උපයෝගී කර ගත්තා. මේ අයගේ ආහාර රටා සහ සෞඛ්‍ය තත්ත්ව ගැන දත්ත 1993 සිට 2017 දක්වා ලබා ගත්තා.

එව්ට පෙනී ගියේ මේ කාලයේදී මරණ 31,588ක් සිදු වූ බවයි. ඒ අතරින් 9,320ක් හෘදයාබාධ ආශ‍්‍රිත මරණ. 8,358ක් පිළිකා මරණ. ඉතිරි 13,800 වෙනත් හේතු නිසා මිය ගිය අය.

මෙහි දී පර්යේෂකයන් කළේ මේ මරණ සමඟ ඒ අයගේ ආහාර රටාල සැසඳීමයි. විශේෂයෙන්ම ඒ අය බැදපු ආහාර ගත්තා ද නැද්ද යන්න සොයා බැලූවා. ෆ‍්‍රයිඞ් ෆිෂ්, ෆ‍්‍රයිඞ් සෙල්ෆිෂ්, ෆෙන්ච් ෆ‍්‍රයිස් ආදී දේ කොපමණ කා තිබුණා ද කියා බැලූවා.

එවිට පෙනී ගියේ දිනකට එක වතාවක් හෝ කිසියම් ෆ‍්‍රයිඞ් ෆුඞ් වර්ගයක් ආහාර ලෙස ගත් අයගේ මිය යෑමේ අවදානම අනෙකුත් අයට සාපේක්‍ෂව 12‍්‍%කින් ඉහළ බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තෙලෙන් බැදපු ආහාර වැඩිහිටි කතුන්ට මාරකයක්..! | Lanka Newsweek