තෙල් සංස්ථාව රු. කෝටි 16,000ක් ලෝකයට ණය වෙලා

රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය වන්නේ තෙල් සංස්ථාවේ ණය බරයි (අචින්ත මදුර සමරසිංහ) ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 16,000ක් ලෝකයට ණය වී ඇති අතර රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන්නේ එම ණය…
රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය වන්නේ තෙල් සංස්ථාවේ ණය බරයි

(අචින්ත මදුර සමරසිංහ)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 16,000ක් ලෝකයට ණය වී ඇති අතර රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය බවට පත්ව තිබෙන්නේ එම ණය බර තාවය යැයි දේශපාලන-ආර්ථික විශ්ලේෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.
ඛනිජ තෙල් සමාගම, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම සහ පෞද්ගලික විදුලි බලාගාර ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 15,350ක් (බිලියන 153.5) ක් පමණය ණය වී සිටින බව පෙන්වා දෙන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඒ අතරින් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 8200ක් ද, ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම රුපියල් කෝටි 5,700ක් සහ තාප විදුලි නිෂ්පාදන සමාගම් රුපියල් කෝටි 1,200ක් ද ණය වෙමින් ප්‍රමුඛ ණයකරුවන් බවට පත්ව සිටින බව ද සඳහන් කරයි.
දැන්වීම
රට අභ්‍යන්තරේ ණය අර්බුදයේ ලොකුම පංගුව තෙල් සංඛාවේ ණය අර්බුදය යැයි ද, ඊට විසඳුමක් ලෙස සිහින ගෑස් සමාගමක් සම්බන්ධ කර ණය බර තව තවත් පුළුල් කරන්නට රජය ක්‍රියා කරමින් සිටින බවට ද රජිත් කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කර සිටින අතර ඔහු වැඩි දුරටත් මෙසේ ද කියා සිටියි.
"තෙල් සංස්ථාව ඩොලර් කෝටි 16,000 ක් ලෝකයට ණයයි. රටේ ඩොලර් අර්බුදය උග්‍ර වුණේ ණය ගෙවීමෙන් පමණක් නොවේ. ගෙවුණු මාස දහසය මුළුල්ලේම ආනයනික තෙල් බිල (ඩොලර්) ගෙවීමට රජය කටයුතු නොකිරීම නිසායි. සිය බැංකුවල ඩොලර් නොමති නමුත් රජයේ බැංකු දෙක ණයවර ලිපි විවෘත කරමින් රටට තෙල් ආනයනය කරමින් සිටිනවා. ණයට බොර තෙල් සැපයීම සඳහා මේ වන විට සැපයුම්කරුවන් ද ඉදිරිපත් වන්නේ නැහැ. මෙම වර්ෂයේ මුල් මාස හය සඳහා ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීමට ගෙවුණු වර්ෂයේ මුල් භාගයට වඩා 55%ක මුදලක් (ඩොලර් මිලියන 1343.5) වැය කර තිබෙනවා. බොර තෙල් ආනයනය කිරීමට නොහැකි වුණාම වැඩි මිලට පිරිපහදු කළ ඉන්ධන මිල දී ගන්නවා ඉන්ධන ආනයනය කිරීම සහ ඒ වෙනුවෙන් නිසි කලට වේලාවට මුදල් නොගෙවීම රටේ ආර්ථික අර්බුදයේ කේන්ද්‍රය වන්නේ ඒ නිසායි."