තෙල් අර්බුදයට වග කිව යුතු හිටපු ඇමතිවරුන් දෙදෙනාව අර්ජුන වහාම හෙළි කළ යුතුයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

(අශාන්ති වර්ණසුරිය) තෙල් අර්බුදයට වග කිවයුතු හිටපු තෙල් ඇමතිවරුන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව අර්ජුන රණතුංග මහතා වහාම රටට හෙළි කළ යුතු යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා…
(අශාන්ති වර්ණසුරිය)
තෙල් අර්බුදයට වග කිවයුතු හිටපු තෙල් ඇමතිවරුන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව අර්ජුන රණතුංග මහතා වහාම රටට හෙළි කළ යුතු යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා කොළඹදී ඊයේ (13) පැවති ප්‍රවෘති සාකච්ඡාවකදී පැවසීය.එහිදී උදය ගම්මන්පිල මහතා මෙසේ ද කීය. තෙල් මගඩි ඇමතිවරු අර්ජුන හෙළි කළ යුතුයි පසුගිය දා ඇති වුණු තෙල් හිඟයට හිටපු තෙල් ඇමතිවරු දෙදෙනෙකු වගකිව යුතු බවට ඛණිජතෙල් සම්පත් ඇමති අර්ජුන රණතුංග මැතිතුමා පවසා තිබුණාග හිටපු ඛණිජතෙල් ඇමතිවරු හය දෙනෙක් ආණ්ඩුවේ ඉන්නවාග නම් වලින් කිව්වොත් කරු ජයසූරිය මැතිතුමාල ඒ එච් එම් ෆව්සි මැතිතුමාල සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාල අනුර යාපා මැතිතුමාල චම්පික රණවක මැතිතුමා සහ චන්දිම වීරක්කොඩි මැතිතුමාග නම් නොකිව්වොත් මේ හයදෙනාටම අසාධාරණයක් වෙනවාග ඒ නිසා මෙම ඇමතිවරු දෙදෙනා වහාම රටට හෙලි කරන්න කියලා අර්ජුන ඇමතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවාග වත්මන් ආණ්ඩුව 39%කින් ණය ප්‍රමාණය වැඩි කළා 2014 අග මේ ආණ්ඩුවට මේ රට බාරදෙන විට අපේ රටේ ණය ප්‍රමාණය බිලියන 7.390යිග 2017 අගෝස්තු වන විට එය බිලියන 10.286ක් දක්වා ඉහළ නැගලා. ඒ කියන්නේ ණය බර අඩු කරන්න ආපු ආණ්ඩුව වසර දෙකහාමාරක් යන විට තිබුණු ණය ප්‍රමාණය 39%කින් ඉහළ නංවලා. වත්මන් ආණ්ඩුව ණය බර 71% සිට 81% දක්වා වැඩි කළා. ණය බර කියන්නේ ණය ප්‍රමාණයට නොවේ. ණයක් දැරීමේ හැකියාවට. එක එක පුද්ගලයාගේ ණය දැරීමේ හැකියාව ආදායම අනුව වෙනස් වෙනවා. ඒ නිසා ණය බර කියන්නේ ණය ප්‍රමාණය ආදායමේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කිරීමයි. මා පෞද්ගලිකව මිලියන 2.4ක් ණයයි. මගේ වාර්ෂික ආදායම මිලියන 1.2යි. එහෙම නම් මගේ ණය බර 200%. අපි හිතමු ධනවත් ව්‍යාපාරිකයෙක් මිලියන 240ක් ණයයි කියලා. ඒ කියන්නේ මම වගේ සිය ගුණයක් ණයයි. නමුත් එයාගේ ආදායම මිලියන 1000ක් නම් එයාගේ ණය බර 24%ක් පමණයි. මිලියන 1.2ක් ගත්තු මගේ ණය බර 200% දැන් අපි ශ්‍රී ලංකාවේ ණය බර මනිමු. රටක ණය බර මනින්නේ රටේ ආදායමේ ප්‍රතිශතයක් විධියට. ආණ්ඩුවේ ණය ප්‍රමාණය කොපමණ ද කියා බැලීමෙන් ලංකාවට දරා ගත නොහැකි වැඩිම ණය බර වාර්තා වුණේ 2002 දී. 105% එදාත් තිබුණේ එජාප ආණ්ඩුවක්. ඊට පස්සේ 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාර ගන්නා විට ණය බර 102%යි. එතුමා යුද්ධයකුත් ජයග්‍රහණය කරලා යටිතල පහසුකම් රට පුරාම දියුණු කරලා මේ ආණ්ඩුවට රට භාර දෙන විට ණය බර තිබුණේ 71%යි. බරායි බරායි කියලා අඬා වැටුණාට බර හොඳටම අඩු කරලා තිබුණේ. 102% සිට 71% දක්වා අඩු කරපු ණය බර 81% දක්වා නැවත වැඩි කලේ වර්තමාන ආණ්ඩුව. ඒ නිසා ණය බරට බනින්න ඕනෑ නම් ආණ්ඩුවේ නායකයින් ඒක කළ යුත්තේ කන්නාඩියක් ඉදිරිපිටට ගිහින්.ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2