තෙරේසා මේ විශ්වාසය තහවුරු කර ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

බ්‍රි රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ඇයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත. ඒ මෙරට වේලාවෙන් අද (17) උදැසන එරට පාර්ලිමේන්තුවේ දී පැවති ඡන්ද…
බ්‍රිරිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වන තෙරේසා මේ ඇයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත.
ඒ මෙරට වේලාවෙන් අද (17) උදැසන එරට පාර්ලිමේන්තුවේ දී පැවති ඡන්ද විමසීමේදීයි.
කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබන් මහතා විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසයක් භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
මෙම ඡන්ද විමසීමේදී ඇයට පක්ෂව ජන්ද 325 ක් ලැබී තිබූ අතර විපක්ෂව ජන්දය භාවිත කළ පිරිස 306ක් විය.
මෙම විශ්වාස භංගය ජයග්‍රහණය කිරීමට තෙරේසා මේ ට විප්ලවකාරී ටෝරි මන්ත්‍රීවරුන් සහ ඩීයූපී පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලැබී තිබිණ.
කෙසේ වෙතත් මෙම විශ්වාස භංග ජන්ද විමසීම ට පැය 24 කට පෙර ටෝරි සහ ඩී යූ පී පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් තෙරේසා මේගේ බ්‍රෙක්සිට් ගිවිසුම පරාජය කිරීමට ජන්දය ලබාදීම මෙහි විශේෂත්වයක් විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1