අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවයි..!

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවයි..!

ගිනිඅවියක් ද අතැතිව පසුගියදා කලහකාරීව ලෙස හැසිරීමේ සිද්ධියක් මුල් කරගෙන වැඩ තහනමට ලක් වූ තෙබුවන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්ගේ සේවය යළි ලබා දී ඇත. මෙලෙස වැඩ තහනමට ලක් වු පොලිස් සැරයන්…

ගිනිඅවියක් ද  අතැතිව පසුගියදා කලහකාරීව ලෙස හැසිරීමේ සිද්ධියක් මුල් කරගෙන වැඩ තහනමට ලක් වූ තෙබුවන පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්ගේ සේවය යළි ලබා දී ඇත.

මෙලෙස වැඩ තහනමට ලක් වු පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා  පොලිස්පතිවරයා විසින් ඊයේ (16) සිට යළි සේවයේ පිහිටුවා තිබෙන බව පොලිස් මාධ්‍ය පරක්ෂක රුවන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටි.

තවද  පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊයේ රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත.

සැරයන් සනත් ගුණවර්ධන මහතා විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක්  තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට විරෝධය දක්වමින් ගිනිඅවියක් අතැතිව කළහකාරී ලෙස හැසිරිණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තෙබුවන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවයි..! | Lanka Newsweek