තුන් හැවිරිදි දැරියක් ගෙල සිර කර ඝාතනය කරයි

තම මිත්තනිය සමග සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට අඟහරුවාදා(19) ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ගල්නෑව, සියඹලෑව ප්‍රදේශයේදී ගෙල සිරකර කුඩා දැරිය ඝාතනය කර ඇති බව වාර්තා වේ. අදාල…
තම මිත්තනිය සමග සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට අඟහරුවාදා(19) ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති අතර ගල්නෑව, සියඹලෑව ප්‍රදේශයේදී ගෙල සිරකර කුඩා දැරිය ඝාතනය කර ඇති බව වාර්තා වේ.
අදාල දැරියගේ දෙමාපියන් රැකියාවට ගොස් ඇති බැවින් ඇය දහවල් කාලය මිත්තනිය සමඟ ගත කරන අතර එම කාලයේ සෑම දිනකම අදාල දියණිය අසල්වාසී නිවසකට රැගෙන යන බවට පොලිසිය සිදු කළ විමර්ශවලදී අනාවරණ වී ඇති අතර පොලීසිය විසින් එම නිවස පරික්ෂාවට ලක් කිරීමේදී පොහොර උරයක දමා ගැට ගසා නිවස අසල තිබූ ළිඳක සිටියදී දැරිය සොයාගත් බව පොලිසිය පැවසුවේය.
අනතුරුව දැරිය ප්‍රතිකාර සඳහා ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තබෙන අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03යි මාස 04ක් වයසැති කුඩා දැරියකි.
අසල්වැසි 22 හැවිරිදි කාන්තාවක විසින් ගෙල සිර කිරීමෙන් ඝාතනය සිදු කර ඇති බව කාන්තාවගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී තිබේ.