තිලාන් විජේසිංහ “හයට්” හෝටලය කුණු කොල්ලයට විකුණන් කෑමට යයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

චන්ද්‍රිකා කුමාරතුංගගේ ගෝලයෝ ආණ්ඩුව වනසති..! ( රසික මහගෙදර) මුදල් අමාත්‍යංශය යටතේ පවතින කොළඹ “හයට්” හෝටලය විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව කුණු කොල්ලයට විකුණා දැමීමේ කූට ගනුදෙනුවක් සම්බන්ධයෙන්…
චන්ද්‍රිකා කුමාරතුංගගේ ගෝලයෝ ආණ්ඩුව වනසති..!
(රසික මහගෙදර)
මුදල් අමාත්‍යංශය යටතේ පවතින කොළඹ “හයට්” හෝටලය විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව කුණු කොල්ලයට විකුණා දැමීමේ කූට ගනුදෙනුවක් සම්බන්ධයෙන් “lankanewsweek” වෙත තොරතුරු වාර්තා වෙමින් තිබේ.
මේ කූට ගනුදෙනුව පිටු පස සිටිමින් මේ සියල්ල මෙහෙය වන්නේ මුදල් අමාත්‍යංශය යටතේ පවතින “National Agensy For Public Private Partnership”ඒකකයේ සභාපති සහ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී තිලාන් විජේසිංහ මහතාය.
මුදල් අමාත්‍යංශය යටතේ පවතින “National Agensy For Public Private Partnership”ඒකකයේ සභාපතිවරයා වන මේ තිලාන් විජේසිංහ යනු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීපතමයෙකි.
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වගේම උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගේ ද හිතවතෙකු වන තිලාන් ජයසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර අල්ලස් චෝදනාවක් මත පසුව ඔහු එම ධූරයෙන් පහ කිරීමට එවකට ආණ්ඩුවට සිදු විය.
මේ “හයට්” හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මුල සිටම රජයේ ප්‍රතිපත්තිය වූයේ එම හෝටලය විකුණනවා වෙනුවට රජයේ කොටස් අයිතිය ද තහවුරු වන පරිදි රජයට ලාභදායි වන ලෙස පෞද්ගලික අංශයට විධිමත් සහ විනිවිධ භාවයෙන් යුතුව එම ව්‍යාපෘතිය පැවරිය යුතු බවය.
ඒ සම්බන්ධයෙන් 2015-2016 අය-වැය යෝජනාවලිය මගින් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදුව ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබිණ.
කෙසේ නමුත් එදා සිටම රජයේ එම ප්‍රතිපත්තියට අනුව ක්‍රියා නොකළ තිලාන් විජේසිංහලා කළේ “හයට්” හෝටල් ව්‍යාපෘතිය පුරා අවුරුදු 2 ½ ක් මුළුල්ලේ සම්පූර්ණයෙන්ම අත හැර එම ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය.
තිලාන් විජේසිංහ මහතා ප්‍රධාන කණ්ඩායම සැලසුම් සහගත ලෙස එසේ කර කළේ එවිට එම ව්‍යාපෘතිය අති විශාල ලෙස පාඩු ලබන රජයට බරක් වී ඇති අසාර්ථක ව්‍යාපෘතියක් බව මවා පා ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිය හිතවතෙකුට කුණු කොල්ලයට විකුණා එමගින් කොමිස් ගැසීමට හැකි වන නිසා යැයි එහි ප්‍රධානතම කොටස් හිමි ආයතනය වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “lankanewsweek” සමග පැවසීය.
තිලාන් විජේසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් අල්ලා ගෙන මුල සිටම “හයට්” හෝටල් ව්‍යාපෘතියේ නිල වශයෙන් වග කිව යුතු ප්‍රධානීන් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහතා ඇතුළු නිලධාරීන් නොතකා ඒ අයට සිය දේශපාලන බලය පෙන්වා අනියම් ලෙස බලපෑම් කරමින් හිතාමතාම එම ව්‍යාපෘතිය අසාර්ථක,ගැටලු සහගත සහ පාඩු ලබන තත්ත්වයට පත් කළ බව පෙන්වා දුන් එම නිලධාරියා ඔහු එසේ කළේ නීතියේ රාමුව සහ රජයේ අවශ්‍යතාවය නොතකා තමාට වැඩිම කොමිස් මුදලක් ලබා දෙන ආයෝජකයකුට පමණක් හෝටලය විකුණා දැමීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා යැයි ද සඳහන් කළේය.
මේ සැලසුම් සහගත සහ කූට වැඩ පිළිවෙළ මේ කණ්ඩායම ආරම්භ කළ වහාම “lankanewsweek” ඒ පිළිබඳව 2018 අගෝස්තු 5 වැනිදා සියලු තොරතුරු හෙළි කළේ “හයට්” එක ඉහ ගෙන කන “මලික්-තිලාන්” මෙහෙයුම..! යන ශීර්ෂය යටතේ වන අතර මේ වන විට එම කණ්ඩායමේ එම මෙහෙයුම කූට ප්‍රාප්තියට පත්ව තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙම “හයට්” හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව,සේවක අර්ථ සාධක අරමුදල සහ “ලිට්රෝ” ගෑස් සමාගමේ මුදල් යෙදවීමෙනි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
