අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තිලංග සුමතිපාලගේ බාල වැඩවලට පක්ෂ නායකයින්ගේ විරෝධය..!

තිලංග සුමතිපාලගේ බාල වැඩවලට පක්ෂ නායකයින්ගේ විරෝධය..!

නියෝජ්‍ය කතානායක ධූරයේ ගෞරවය කෙළසලා..? (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේදී අද (28) පැවති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතාට එම දේශපාලන…

නියෝජ්‍ය කතානායක ධූරයේ ගෞරවය කෙළසලා..?

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුවේදී අද (28) පැවති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතාට එම  දේශපාලන නායකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

තිලංග සුමතිපාල මහතාට  මේ විරෝධය එල්ල වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ධූරය දරමින් ඊට මුවාවී පක්ෂ දේශපාලනය කිරීම සහ විවිධ දේශපාලන ගනු දෙනු (Political Deal)  සිදු කිරීම සම්බන්ධයෙනි.

දැන්වීම

කතා නායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ නායකයින් පාර්ලිමේන්තුවේදී අද (28) රැස්වූ අවස්ථාවේදී මේ ප්‍රශනය මතු කර තිබෙන්නේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල් මහතා විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ඊයේ (28) පැවති  ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානායක මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් විශ්වාස භංග යෝජනාව ගැන කතා කරද්දී  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස තිලංග සුමතිපාල මහතා එම ස්ථානයේ සිටිමින් ඊට අනු බලදීම තරයේ ප්‍රතික්ෂේප කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී කියා තිබේ.

විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන මොහොතක,උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස තිලංග සුමතිපාල මහතා සිය තනතුරේ වගකීම සහ ගෞරවය නොතකා මෙසේ පක්ෂග්‍රාහී ලෙස දේශපාලනික ක්‍රියා කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විශාල නිග්‍රහයක් බව ද සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

කතා නායක කරු ජයසූරිය මහතා ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ අවධානයට මේ තත්ත්වය එහිදී ලක් වී ඇති අතර සියලු පක්ෂ නායකයින් තිලංග සුමතිපාල මහතාගේ මේ ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කර ඇත.

මේ පිළිබඳව සිය  අවධානය යොමු කර ඇති කතා නායක කරු ජයසූරිය මහතා වාද විවාද සමනය කරමින්  පෙන්වා දී තිබෙන්නේ තමා නියෝජ්‍ය කතා නායක නම් මෙවැනි ස්ථානවලට යාමෙන් වැළකී සිටින බවය.

නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතා එහිදී මේ කාරණය සම්බන්ධයෙන්  නිදහසට කරුණු දක්වා ඇතත් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකු ඊට අවධානය යොමු නොකිරීම හේතුවෙන් නිහඬ වීමට ඔහුට සිදුව තිබේ.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වූ තත්ත්වයේදී නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතා සිය ධූරයේ වගකීම සහ ගෞරවය පසෙක තබා පක්ෂග්‍රාහී ලෙස දේශපාලනය කරමින් අගමැතිවරයා මාරු කර අලුත් ආණ්ඩුවක් ඇති කිරීමට ක්‍රියා කරන බවට මුල සිටම දේශපාලන ක්ෂේත්‍රයේ චෝදනා එල්ල වෙමින් තිබිණ.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා එහි තිබෙන සිය කාර්යාලය ද දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට චෝදනා එල්ල වී තිබුණු අතර ඊට හොඳම උදාහරණය  මාර්තු මස දෙවැනිදා රාත්‍රියේ  ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්  සිය කාර්යාලයට කැඳවා අගමැතිවරයා සහ ආණ්ඩුව මාරු කිරීමට අදාළව රහස් සාකච්ඡාවක් සිදු කිරීමය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
තිලංග සුමතිපාලගේ බාල වැඩවලට පක්ෂ නායකයින්ගේ විරෝධය..! | Lanka Newsweek