තිලංග නියෝජ්‍ය කතානායකකම දේශපාලන ගණිකා වෘත්තියේ යොදවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

සියලු කුමන්ත්‍රණ හෙළි වෙයි..! පාර්ලිමේන්තුවේ මුලාසනයට අවොත් එජාපයෙන් විරෝධය (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට…
සියලු කුමන්ත්‍රණ හෙළි වෙයි..!
පාර්ලිමේන්තුවේ මුලාසනයට අවොත් එජාපයෙන් විරෝධය
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන්න යැයි නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතා ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
ඔහු මේ ඉල්ලීම කර තිබෙන්නේ මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද එකට ඒකරාශී කර ගැනීමේ සිය දේශපාලන මෙහෙයුම යටතේය.
කොළඹ,බොරැල්ලේ විශේෂ ස්ථානයකදී දී ඊයේ (31) රාත්‍රියේ ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතාව හමුවී ඇති තිලංග සුමතිපාල මහතා ඔහුට කියා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන නිසා ඒ පිළිබඳව දෙවරක් නොසිතා විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙසය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීමට මේ වන විටත් එකඟ වී සිටින බව ඩග්ලස් දේවානන්ද මහතහමුවේ තිලංග සුමතිපාල මහතා තහවුරු කර කියා තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ද ඊට සම්බන්ධ කරමිනි.
මේ අවස්ථාවට මහ මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද එක්වී ඇති අතර ඔහු ද තිලංග සුමතිපාල මහතා,ඩග්ලස් දේවානන්ද මහතා හමුවේ ඉදිරිපත් කළ කරුණු තහවුරු කර තිබේ.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලිය ගහ මන්දිරයේදී අද (01) මේ කරුණු කරණා සම්බන්ධයෙන් පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදී,විශ්වාස භංගය යෝජනාවට විරුද්ධව සිය පක්ෂයේ ඡන්දය ලබා දෙන බවට ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්ද මහතා අගමැතිවරයා හමුවේ සහතික වී තිබේ.
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් තිලංග සුමතිපාල මහතා මෙසේ ක්‍රියා කරන්නේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පැමිණ සිටින පොදු එකඟතාවයත්,විශ්වාස භංගයේ අරමුණ,ඉලක්කය හෝ පදනමත්,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස සිය වගකීම,කාර්යභාරය සහ ගෞරවය පිළිබඳව නොදන්නා නිසා යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන පීඨයේ නම හෙළි නොකළ දේශපාලන විශ්ලේෂකයකු “lankanewsweek” සමග පැවසීය.
මේ අතර විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනෙන සහ ඒ සඳහා ඡන්දය විමසන දවසේ තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තුවේ මුලාසනයට පැමිණියොත් ඊට දැඩි විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මේ තීරණය ගත්තේ තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ධූරයේ වගකීම,විශ්වාසය,අපක්ෂපාති භාවය,ගෞරවය සහ කාර්ය භාරය පවා දෙමින්, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී ඊට පක්ෂව ආණ්ඩුපක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උසි ගැන්වීමේ දේශපාලන කුමන්ත්‍රණයේ මුල සිටම ප්‍රසිද්ධියේ යේදී සිටීම නිසා යැයි එම පක්ෂය පවසයි.
මේ වෙනුවෙන් තිලංග සුමතිපාල මහතා විශාල වශයෙන් මුදල් වියදම් කරමින් සිටින අතර ජනාධිපතිවරයාගේ නම විකුණමින් ඒ ඒ අයට විවිධ වරදාන සහ වරප්‍රසාද ද පොරොන්දු වී ඇති බවට ද එක්සත් ජාතික පක්ෂය චෝදනා කර සිටියි.
මේ අතර පාර්ලිමේන්තුවේදී බදාදා (28) කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී ද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතාගේ මේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දේශපාලන නායකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
තිලංග සුමතිපාල මහතාට මේ විරෝධය එල්ල වූයේ ද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ධූරය දරමින් ඊට මුවාවී පක්ෂ දේශපාලනය කිරීම සහ විවිධ දේශපාලන ගනු දෙනු (Political Deal) සිදු කිරීම සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානායක මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් විශ්වාස භංග යෝජනාව ගැන කතා කරද්දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස තිලංග සුමතිපාල මහතා එම ස්ථානයේ සිටිමින් ඊට අනු බලදීම තරයේ ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තුවේ සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී චෝදනා කර තිබිණ.
විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන මොහොතක,උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා ලෙස තිලංග සුමතිපාල මහතා සිය තනතුරේ වගකීම සහ ගෞරවය නොතකා මෙසේ පක්ෂග්‍රාහී ලෙස දේශපාලනිකව ක්‍රියා කිරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විශාල නිග්‍රහයක් බව ද සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබිණ.
කතා නායක කරු ජයසූරිය මහතා ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ අවධානයට මේ තත්ත්වය එහිදී ලක් වී ඇති අතර සියලු පක්ෂ නායකයින් එහිදීත් තිලංග සුමතිපාල මහතාගේ මේ ක්‍රියා කලාපය ප්‍රතික්ෂේප කර ඇත.
මේ පිළිබඳව සිය අවධානය යොමු කර ඇති කතා නායක කරු ජයසූරිය මහතා වාද විවාද සමනය කරමින් එහිදී පෙන්වා දී තිබුණේ තමා නියෝජ්‍ය කතා නායක නම් කවදාවත් මෙලෙස ක්‍රියා නොකරන බවය.
නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතා එහිදී මේ කාරණය සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වා ඇතත් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකු ඊට අවධානය යොමු නොකිරීම හේතුවෙන් අවසානයේදී නිහඬ වීමට ඔහුට සිදුව තිබිණ.
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වූ තත්ත්වයේදී නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල මහතා සිය ධූරයේ වගකීම සහ ගෞරවය පසෙක තබා පක්ෂග්‍රාහී ලෙස දේශපාලනය කරමින් අගමැතිවරයා මාරු කර අලුත් ආණ්ඩුවක් ඇති කිරීමට ක්‍රියා කරන බවට මුල සිටම දේශපාලන ක්ෂේත්‍රයේ චෝදනා එල්ල වෙමින් තිබිණ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා එහි තිබෙන සිය කාර්යාලය ද දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට චෝදනා එල්ල වී තිබුණු අතර ඊට හොඳම උදාහරණය මාර්තු මස දෙවැනිදා රාත්‍රියේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් සිය කාර්යාලයට කැඳවා අගමැතිවරයා සහ ආණ්ඩුව මාරු කිරීමට අදාළව රහස් සාකච්ඡාවක් සිදු කිරීමය.
මේ අනුව පළාත් පාලන මැතිවරණයෙන් පසුව යහ පාලන ජාතික ආණ්ඩුව අභ්‍යන්තරයේ උද්ගත වූ අර්බුදයයෙදී, එම අර්බුදය උත්සන්න කරමින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් කෙසේ හෝ පහ කර කතානායක කරු ජයසූරිය මහතා හෝ වෙනත් අයෙකු අගමැති කරවා අලුත් ආණ්ඩුවක් ඇති කිරීමේ තිරය පිටු පස මෙහෙයුම සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇත්තේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා බව මේ වන විට හෙළි වෙමින් පවතියි.
ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද උපක්‍රමිකව මෙහෙයවමින් ජනාධිපතිවරයාත් කතානායක කරු ජයසූරිය මහතා අතරත් අනෙකුත් දේශපකයින් වෙතත් පණිවිඩ හුවමාරු කළේ තිලංග සුමතිපාල මහතා බව ජනාධිපතිවරයාට ඉතාම සමීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරුන් පස් දෙන්නෙක් “lankanewsweek” සමග පැවසූහ.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේ සිකුරාදා (30) රාත්‍රියේ හමුවී සාකච්ඡා මාර්ගයෙන් සියලු ප්‍රශ්න විසඳා ගැනීමත් සමග නියෝජ්‍ය කතානාය තිලංග සුමතිපාල මහතාගේ සියලු දේශපාලන කුමන්ත්‍රණ ව්‍යර්ථ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4