අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තිලංග-දයාසිරි-නිමල් සිරිපාල රහස් සාකච්ඡාවක..!

තිලංග-දයාසිරි-නිමල් සිරිපාල රහස් සාකච්ඡාවක..!

ක්‍රිකට් පාලක මණ්ඩලයත් දේශපාලනයට යොදාගනී (සුජිත් මංගල ද සිල්වා) නියෝජ්‍ය කතානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා මේ වන විට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ප්‍රවාහන…

තිලංග-දයාසිරි-නිමල් සිරිපාල රහස් සාකච්ඡාවක..!

ක්‍රිකට් පාලක මණ්ඩලයත් දේශපාලනයට යොදාගනී

(සුජිත් මංගල ද සිල්වා)

නියෝජ්‍ය කතානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක  මණ්ඩලයේ සභාපති  තිලංග සුමතිපාල මහතා මේ වන විට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් සමග කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සිය නිල කාර්යාල කාමරයේ රහස් සාකච්ඡාවක් සිදු කරමින් සිටියි.

මීට පැයකට පමණ පෙර තිලංග සුමතිපාල මහතා සහ දයාසිරි ජයසේකර මහතා මේ රහස් සාකච්ඡාව ආරම්භ කළ අතර එහිදී කෙරුණු දේශපාලන සාකච්ඡාව තව දුරටත් ඉදිරියට ගෙනයාම සඳහා දෙපාර්ශවය පොදු එකඟතාවයකට පැමිණ නිමල් සිරිපාල ද සිල්වා මහතට ද එම අවස්ථාවට එක් වන ලෙසට දුරකථනයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව මීට විනාඩි පහළොවකට පමණ පෙර නිමල් සිරිපාල ද සිල්වා මහතා ද කොළඹ ක්‍රෙසන්ට් හී පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ නිල කර්යාලයට පැමිණ සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තිලංග-දයාසිරි-නිමල් සිරිපාල රහස් සාකච්ඡාවක..! | Lanka Newsweek