තිලංග ජනපති වෙනුවෙන් TNA පිහිට පතයි

නි.කතානායක මරා ගෙන මැරෙන සටනක..! (උපුල් බණ්ඩාර) එක්සත් ජාතික පක්ෂය තනිවම පිහිටු වන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී සහය ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයට…
නි.කතානායක මරා ගෙන මැරෙන සටනක..!
(උපුල් බණ්ඩාර)
එක්සත් ජාතික පක්ෂය තනිවම පිහිටු වන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී සහය ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයට පණිවිඩයක් දී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයට මේ පණිවිඩය ලබාදී තිබෙන්නේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාය.
දැන්වීම
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීමට සියලු කටයුතු යොදා තිබෙන නිසා මේ මොහොතේ සහය දිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව ජනාධිපතිවරයාට බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයින්ට වැඩි දුරටත් දැනුම් දී තිබේ.
මීට අමතරව තිලංග සුමතිපාල මහතා එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ද කතා කරමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවීමට යන බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවට මේ වන විටත් සහය ඉල්ලමින් සිටියි.