අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තිරිඟු පිටි මිල ඉහළට..!

තිරිඟු පිටි මිල ඉහළට..!

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා සමාගම තිරිඟු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 100කි. මේ හේතුවෙන් බේකරි…

ඊයේ (31)  මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රීමා සමාගම තිරිඟු කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 95ක්ව පැවති ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 100කි.

මේ හේතුවෙන්  බේකරි නිෂ්පාදනවලද  මිල ගණන් ඉහළ දැමීම සඳහා සංගමයේ විධායක කමිටුව  කැඳවා  කඩිනමින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

මෙසේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමට හේතු වී තිබෙන්නේ බදු සංශෝධන හා රුපියලේ අගය පහළ යාමයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තිරිඟු පිටි මිල ඉහළට..! | Lanka Newsweek