අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තිදරු පියෙකු ඇලස්ටෝනියා ගසක එල්ලා මරා දමලා ?

තිදරු පියෙකු ඇලස්ටෝනියා ගසක එල්ලා මරා දමලා ?

(ජයකාන්ත ලියනගේ) ඇත්කදුර, නාඹරඅත්ත ප‍්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි අයෙකුගේ මල සිරුරක් ඇලස්ටෝනියා ගසක එල්ලෙමින් තිබියදී ඊයේ (11)සවස බද්දේගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ…

(ජයකාන්ත   ලියනගේ)

ඇත්කදුර, නාඹරඅත්ත ප‍්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි අයෙකුගේ මල සිරුරක් ඇලස්ටෝනියා ගසක එල්ලෙමින් තිබියදී ඊයේ (11)සවස බද්දේගම පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නාඹරඅත්ත, ඇත්කදුර, බද්දේගම ලිපිනයේ පදිංචි මකුන්දගමගේ සුනිල් (54) නැමැති අයයි. ඔහු තිදරු (03) පියෙකු බවත් රැකියාව ලෙස කුලීවැඩ කරඇති බවත් බද්දේගම පොලීසිය කියයි.

දැන්වීම

මියගිය අය සම්බන්ධයෙන් වු මහේස්ත‍්‍රාත් පරීක්ෂණය ඊයේ (11) සවස බද්දේගම වැඩ බලන මහේස්ත‍්‍රාත් ශ‍්‍රියා යසරත්න මහත්මිය විසින් සිද්ධිය වු ස්ථානයේදි පවත්වන ලද අතර ඇය විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය ගාල්ල, කරාපිටිය රෝහල වෙත ගෙන යෑමට නියෝග කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) ගාල්ල, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීණී නිසංසලා ලක්මාලී මහත්මිය විසින් එම රෝහලේදී පවත්වන ලදී. ගසක එල්ලිම හේතුවෙන් හුස්ම හිර වී මරණය සිදුව තිබෙන බව ඇය විසින් නිගමනය කර තිබේ.

සිය ස්වාමිපුරුෂයාගේ වැඩිමහල් සහෝදරයා ඇලස්ටෝනියා ගසක එල්ලෙමින් තිබෙන බව මියගිය අයගේ නෑනා වන කේ ජී ප‍්‍රියන්තී මහත්මිය (45) පළමුවෙන්ම දැක හදුනාගෙන තිබේ. තමා ඊයේ (11)පෙරවරුවේ 11.00 ට පමණ තේ වත්තට යද්දී සිද්ධිය දුටු බව ඇය විසින් පොලීසියට ප‍්‍රකාශ කර තිබේ. සිකුරාදා (10) දිනයේද තමා වත්තට ගිය බවත් එදින මෙවැනි දෙයක් නොදුටු බවත් මියගිය අයගේ සහෝදරයා පොලිසියට ප‍්‍රකාශ කර ඇත. ඒ නිසාම මෙම මරණය ඊයේ (11) අළුයම හෝ එදින පෙරවරුවේ සිදු වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

සිය ස්වාමිපුරුෂයා පසුගිය බදාදා (08) රාත‍්‍රී ප‍්‍රදේශයේ මල ගෙදරක ගොස් 09 දා අළුයම 1.00 ට පමණ නිවසට පැමිණි බවත් ස්වල්ප වේලාවකට පසු නිවසින් පිටව ගිය බවත් මියගිය අයගේ බිරිඳ වන කැප්පෙටියාගොඩ විතානගේ මාලනී (53)නැමැති අය පොලීසියට ප‍්‍රකාශ කර තිබේ. එම අවස්ථාවේ සිට මියගිය අය නිවසින් අතුරුදන්ව සිටි බවද ඇය විසින් පොලීසියට ප‍්‍රකාශ කර ඇත.

මියගිය අයගේ ශරීරයේ පාද දෙකේ ලේ තැවරී තිබු බව බද්දේගම පොලීසිය විසින් කරන ලද පොලිස් පරීක්ෂණ වලදි තහවුරු කරගෙන තිබේ. ඒ නිසාම මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් ඇතැම් අයතුල සැකකයක් මතුව තිබෙන බව පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කරන බවද ප‍්‍රකාශ කළේය.

බද්දේගම පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක වසන්ත දිසානායක මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක අශෝක ප‍්‍රියදර්ශණ, පොලිස් කොස්තාපල්වරුන් වන ඉසුරු (82468), ටිරෝන් සදකැලූම් (89380) යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
තිදරු පියෙකු ඇලස්ටෝනියා ගසක එල්ලා මරා දමලා ? | Lanka Newsweek