අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තැපැල් සේවක විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ..!

තැපැල් සේවක විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ..!

(නිලන්ති චන්ද්‍රසේන) වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ. මේ හේතුවෙන් මේ අවට පිහිටි ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග…

(නිලන්ති චන්ද්‍රසේන)

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වනවිට  කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ. 

මේ හේතුවෙන් මේ අවට පිහිටි ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

 තැපැල් සේවකයින්ගේ මෙම වර්ජනයට අද වනවිට සතියක කාලයක් ගත වී ඇත.  මේ හේතුවෙන්කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට  අධික ලිපි ප්‍රමානයක් ගොඩ ගැසී ඇත.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ බඳවා ගැනීමේ පටිපාටියට විරෝධය පළකරමින් ආරම්භ කල වැඩවර්ජනයට මේ වන විට සතියක් ගතව ඇතත් තම ඉල්ලීම්වලට විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම පා ගමන ආරම්භ කල බවයි.

කෙසේ වෙතත් තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තැපැල් සේවක විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ..! | Lanka Newsweek