අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තැපැල් වෘත්තීය සමිති අකුරට වැඩකිරීම අත්හරී..!

තැපැල් වෘත්තීය සමිති අකුරට වැඩකිරීම අත්හරී..!

(නිලන්ති චන්ද්‍රසේන) තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි ලබන බදාදා වන විට බෙදා අවසන් කිරීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරන්නේ මේ වනවිට ගොඩ ගැසී ඇති ලිපි…

(නිලන්ති චන්ද්‍රසේන)

තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි ලබන බදාදා වන විට බෙදා අවසන් කිරීමට පියවර ගන්නා බව  තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කරන්නේ මේ වනවිට ගොඩ ගැසී ඇති ලිපි බෙදා හැරීම සඳහා විධිමත් සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.

බෙදාහැරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවේ සාමාන්‍ය ලිපි ලක්ෂ 50ක් පමණ ගොඩගැසී ඇත.

මේ  අතර තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා  ප්‍රකාශ කර සිටියේ තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලිපි බෙදාහැරීමේ කටයුතු වේගවත් කිරීම සඳහා අත්හිටවූ බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තැපැල් වෘත්තීය සමිති අකුරට වැඩකිරීම අත්හරී..! | Lanka Newsweek