අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තායිලන්ත අගමැති ධූරයට රාජ කුමරියක්..!

තායිලන්ත අගමැති ධූරයට රාජ කුමරියක්..!

(සමීර වීරක්කොඩි) මහා වජිරලොන්කෝන් (Maha Vajiralongkorn) රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධූරය සඳහා තරඟ වදින බව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 67 හැවිරිදි ඇය තායි “රක්‍ෂ චාට්” පක්‍ෂයේ…

(සමීර වීරක්කොඩි)

මහා වජිරලොන්කෝන් (Maha Vajiralongkorn)  රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධූරය සඳහා තරඟ වදින බව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

 67 හැවිරිදි ඇය තායි “රක්‍ෂ චාට්” පක්‍ෂයේ අගමැති අපේක්‍ෂිකාව ලෙයසි තරඟ වදින්නේ.

මෙය  තායිලන්ත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙයසි හඳුන්වා ඇත්තේ රාජකීයන් දේශපාලනයට පිව්සීම විරල සිද්ධියක් වීම හේතුවෙන්.

රාජ කන්‍යා කුමරිය තායිලන්තයේ හිටපු රජු වන භූමිබෝල් අදුල්යාදෙජ් (Bhumibol Adulyadej) රජුගේ සහ සිරිකිත් (Sirikit)  රැජිනගේ පළමු දරුවා ලෙස ස්විට්සර්ලන්තයේදී උපත ලැබුවේ 1951 වසරේදීයි.

තායිලන්ත මහමැතිවරණය මාර්තු 24 වන දා පැවැත්වෙන අතර, ඒ සඳහා වත්මන් අගමැති ප‍්‍රයුත් චාන්  ඕවා(Prayut Chan-o-cha)  ඉදිරිපත් වීමට නියමිතයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තායිලන්ත අගමැති ධූරයට රාජ කුමරියක්..! | Lanka Newsweek