තායිලන්ත අගමැති අද දිවයිනට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනූව තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා, මහතා දෙදින නිල චාරිකාවක් සඳහා අද (12) දිවයිනට පැමිණිමට නියමිතයි. අද පස්වරුවේ…
(නිලන්ති චන්ද්‍රසේන)
ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනූව තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා, මහතා දෙදින නිල චාරිකාවක් සඳහා අද (12) දිවයිනට පැමිණිමට නියමිතයි.
අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධනාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී තායිලන්ත ජනාධිපතිතුමා පිළිගැනීමේ උත්සයව පැවැත්වීමට නියමිතයි.
පසුව දෙරට නායකයින් දෙදෙනා අතර ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.මෙහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපක්ද අත්සන් කිරීමට නියමිතයි.
හෙට දිනයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තායිලන්ත අගමැති හමුවීමට සැලසුම් යොදා ඇති අතර එහිදී ආර්ථික, වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්චා පැවැත්වෙනු ඇති.
මෙම සංචාරයේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ඓතිහාසික දළදා මාලිගාව සංචාරය කිරීමට නියමිත අතර එහිදී අස්ගිරි – මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව විදේශ සේවා අමාත්‍යංශය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1