අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තාක්ෂණික ලෝකයේ රැකියා වෙළඳ පොළට සරිලන වෘතිකයින්බිහි කරනවා -ලක්ෂ්මන් කිරිඇල්ල-

නව ව්‍යවස්ථාවට විරුද්ධ නම් ඔළු පරීක්ෂා කර ගත යුතුයි

(සුජිත් මංගල ද සිල්වා) තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ , රැකියා වෙලඳපොලට සරිලන වෘත්තිකයින් බිහිකිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට රජය කටයුතු කරන්නේ යැයි පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග…

(සුජිත් මංගල ද සිල්වා)

තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයේ , රැකියා වෙලඳපොලට සරිලන  වෘත්තිකයින් බිහිකිරීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට රජය කටයුතු කරන්නේ යැයි පාර්ලිමේන්තුවේ සභානායක,  උසස් අධ්‍යාපන සහ  මහාමාර්ග අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ  ප‍්‍රධානත්වයෙන් , උසස්  අධ්‍යාපන හා මහාමාර්ග අමත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිසු පරපුරේ වෘත්තීය තාක්ෂණ අධ්‍යාපන පහසුකම් ඉහල නැංවීම උදෙසා මහනුවර නාවලපිටිය -හයින්ෆෝට්හි ඉදිවන  උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ඉදිකිරීමට මුල් ගල තැබීමේ උත්සවයට එක්වෙමිනි.

දැන්වීම

රුපියල් කෝටි 52 ට අධික මුදලක්  වියදම් කරමින්  ඉදිවන මෙම උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉදිකිරීම් වසර දෙකකින් අවසන් කිරීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

තමුන්නාන්සේලා හොඳටම දන්නවා මම 1989 දේශපාලනය පටන් ගත්තා දා සිටම මට නාවලපිටිය ආසනයෙන් විශාල දායකත්වයක් ලැබුනා. මගේ පලමු මැතිවරණය 1989 බලාපොරොත්තු නැති විදිහට නාවලපිටිය ඡන්ද කොට්ඨාශයෙන් ඡන්ද 5000 ක් ලැබුණා. එදා වැඩ කරපු අය අද අපි ඉදිරියේ සිටිනවා .

 රටේ  ග‍්‍රාමීය පළාත් වල රැකියා නැති විශාල පිරිසක් සිටිනවා , අපිට රැකියා අර ගෙන දෙන්න බැහැ නමුත් රැකියාවක් ලබා ගන්න අවශ්‍ය පුහුණුව ලබා දෙන්න පුළුවන් . අන්න ඒකයි එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය . සෑම කෙනෙකුටම රජයේ රැකියා දීලා මේ රැකියා ප‍්‍රශ්ණය විසඳන්න බැහැ.

 ඒ අනුව තමයි මේ උසස් තාක්ෂණික ආයතනය අපි ආරම්භ කළේ. මම සියලු දෙනාටම කියනවා මේ ආයතනයේ පුහුණුවක් ලැබුවහොත් අනිවාර්යෙන්ම රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. මේ ආයතනයෙන් පිටවන සියයට අනූපහකට අද රැකියාවල් තිබෙනවා. එම නිසා මේ අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගන්න. විශේෂයෙන් ආනන්ද අලූත්ගමගේ මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා මම මේ අදහස දුන්නාට පසුව මේ කාර්යය සාර්ථක කරගන්න  උදව් කිරීම ගැන .

මාහට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය ලැබුනේ, පසුගිය ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂය විශාල ජයග‍්‍රහණයක් ලැබූ නිසයි.

අපි ජනාධිපතිවරණය ඡන්ද 85,000 කින් දින්නා. පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද 135,000 කින් දිනුවා. ගරු අග‍්‍රාමාත්‍යතුමා මේ අමාත්‍යාංශය මට ලබා දුන්නේ අපි ලබා ගත්ත ජයග‍්‍රහණය නිසා. ඒ ජයග‍්‍රහණය මට තනිවම ලබා ගන්න බැහැ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දුන් ඔබ සැමටම මගේ ප‍්‍රණාමය මේ අවස්ථාවේ දී පුද කරනවා. මේ ආයතනය ආරක්ෂා කර ගැනීම ඔබ සියලුදෙනාගේ යුතුකමක්.

 මෙම ආයතනය ඔබ තමුන්නාන්සේලාගේ අනාගතය සකස් කර ගැනීමට , ශක්තියක් ධෛර්යයක් වේවා යි ප‍්‍රාර්ථනා කරමින් , ඉදිරියේ දී එන ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් ජයග‍්‍රහණය කර මේ ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධනය ඉදිරියටත් කර ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා .

මෙම අවස්ථාවට මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ලකී ජයටර්ධන , ආනන්ද අලූත්ගමගේ , වඩිවේල් සුරේෂ් සහ උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හිලරි ඊ සිල්වා මහතා සහ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
තාක්ෂණික ලෝකයේ රැකියා වෙළඳ පොළට සරිලන වෘතිකයින්බිහි කරනවා -ලක්ෂ්මන් කිරිඇල්ල- | Lanka Newsweek