ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට..!

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව අද (15) රාත්‍රියේ සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති බව…
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව අද (15) රාත්‍රියේ සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් තීරණය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.
තවද ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසුවේ, අද (15) සිට බස්නාහිර හා දකුණු පළාතේ පමණක් දෙවැනි කිලෝමීටරය සඳහා වන ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා ඇති බවයි.
දැන්වීම
මේ අතර මේ පිළිබඳව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ තම සංගමය මිල සූත්‍රයක් අනුසාරයෙන් ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව දකුණු සහ බස්නාහිර පළාත් දෙකේ පමණක් ත්‍රිරෝද රථ සංගමයක් ගාස්තුව රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර තවත් සංගමයක් රුපියල් 10 කින් ගාස්තු ඉහළ දමා ඇත.