අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට පොලීසිය පැන්නේ ආණ්ඩුවේ උවමනාවටද..?

ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයට පොලීසිය පැන්නේ ආණ්ඩුවේ උවමනාවටද..?

ආණ්ඩුවට ඩයස්පෝරාව සතුටු කරන්න උවමනාවක් තිබෙන බවනම් පැහැදිලියි - විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් තදින් ප්‍රශ්න කරයි - රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානයක් හිමිවන බවට…

ආණ්ඩුවට ඩයස්පෝරාව සතුටු කරන්න උවමනාවක් තිබෙන බවනම් පැහැදිලියි 

- විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් තදින් ප්‍රශ්න කරයි -

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බුදුදහමට ප්‍රමුඛස්ථානයක් හිමිවන බවට දෙවැනි පරිච්ඡේදයේ සඳහන් බවත් බුද්ධශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම මෙන්ම අනෙකුත් ආගම්වලට නිසි ස්ථානය ලබා දීම ගැන සඳහන් බවත් එවන් අවස්ථාවක 1951ක් ආරම්භ වු ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය 2010 බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර පූජා භූමි ඔප්පුවක් පිරිනමා ඇති බවත් මෙහි බෞද්ධාගමට අදාළ සියලු කාර්ය ඉටු කිරිමට නිදහස ලබා දී ඇති බවත් එය රටේ නීතිය වුවත් අද ඒ පූජා භූමියට පොලිසිය ඇතුළු වී බුදුපිළිමය තියන තැන දහම් පාසල් ගොඩනැගිලි ඉදිකළ යුතු තැන් ගැන නියෝග නිකුත් කර ඇති බවත් මේ වැනි කටයුතු හරහා ජන සමාජය තුළ ජාතිවාදී බලපෑම් කරන්න සූදානම් අයට එවැනි ජාතිවාදි අදහස්වලට උඩගෙඩි දීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ගැටලුවක් ප්‍රශ්නයක් ඇත්නම් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් හමුවී සාකච්ඡා මාර්ගයෙන් කටයුතු සිදුවිය යුතු බවත් මහරෑ පොලිසිය යවා සංවර්ධන කටයුතු කඩාකප්පල් කරන්න නොහැකි බවත් මේ නියෝග කාගේද කියා ඉදිරිපත් කරන ලෙසත් රජය උත්තරීතර නීතිය නොදන්නේ නම් නැවත වරක් කියවන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ ගැන දයාසිරි ජයසේකර මහතා මේ සභාවේ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ඉල්ලා සිටින විට කතානායකවරයා වැළැක්වීම වැරදි බවත් ජාතික ගැටලුවක් මතුව ඇති මොහොතේ රටේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ඇති බවත් ප්‍රජාතන්ත්‍රවාදය අහුරන්න කතානායකවරයා කරන ක්‍රියාවලිය නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි රජයට හරියට පොහොර සහනාධාරයවත් දෙන්න බැරි වෙලා

අදටත් මහකන්නයේ වැඩ ආරම්භ කර තිබිය දී රජයට පොහොර සහනාධාරය දෙන්න නොහැකි වී ඇති බවත් මෙය නොදන්නේ නම් කෘෂිකර්ම ඇමතිවරයා මේ ගැන තලාවේ, රාජාංගනයට ගොස් සොයා බලන ලෙසත් පසුගිය කාලයේ මේ සහනාධාර දුන්නේ වගා කටයුතු අවසන් වන විට බවත් මෙය ක්‍රමයේ වෙනසද කියා ප්‍රශ්න කරන බවත් ගොවියා රැක ගන්නේ මේ ආකාරයට ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ ආකාරයෙන් ගොවියා රවටන්නේ නැතිව වහාම නියමිත දිනට පොහොර සහනාධාරය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න