ත්‍රිවිධ හමදාවෙන් පැනගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග

වර්තමානයේ පවතින ඝාතන රැල්ල මැඩපැවැත්වීමේ අරමුණින් මෙන්ම, විවිධ අපරාධ ක්‍රියාවන්ට හමුදාවලින් පලා ගිය පිරිස් සම්බන්ධ වීම හේතුවෙන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යනුකුල නොවන අන්දමට බැහැර වී සිටින…
වර්තමානයේ පවතින ඝාතන රැල්ල මැඩපැවැත්වීමේ අරමුණින් මෙන්ම, විවිධ අපරාධ ක්‍රියාවන්ට හමුදාවලින් පලා ගිය පිරිස් සම්බන්ධ වීම හේතුවෙන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන්ගෙන් නීත්‍යනුකුල නොවන අන්දමට බැහැර වී සිටින සියලුම දෙනා අත් අඩංගුවට ගන්න ලෙස ආරක්ෂක ලේකම් සම්පත් තුහියකොන්තා මහතා ආරක්ෂක අංශ වලට නියෝග කර තිබේ. ඒ පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා මෙලෙසද ප්‍රකාශ කරන ලදී.
අපි අවදානය යොමු කරා මෑත කාලයේ සිදුවූ සිදුවීම් හරහා. හමුදා සාමාජිකයින් ගොඩක් අත්අඩංගුවට පත්වුණා. ඒකට පිළියම් විදියට. ඇත්තටම සමාජ ප්‍රශ්නයක් මේ ඇතුළේ තියෙන්නේ. අපි ඇත්තටම පරීක්ෂණයක් මඟින් සනාථ කරගන්නවා තමුන්ගේ සම්පූර්ණ සේවා කාලය ඉවර වීමට පෙර නීතියානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය හමුදා නිලධාරීන් තමා සෑහෙන ප්‍රවාණතාවයක් තියෙන්නේ පාතාලය සමඟ සම්බන්ධ වෙන.
එහෙම අයව අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක වෙන්න කියලා අපි දවස් කිහිපයකට පෙර විධානයක් ලබාදුන්නා. අවුරුද්දක් දෙකක් වගේ කෙටි කාලයක් තුළ අවි පුහුණුව ලබාගෙන එළියට යනවා කියන්නේ එයාලා පාතාලය සමග සම්බන්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩියි. ඒ අයට එරෙහිව අපි හමුදා පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට පහසුකම් සපයා දී තිබෙනවා. ඒ තීරණයට අපි ඇවිත් තියෙනවා."
මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයක් එලෙස යුද හමුදා සේවය හැරගොස් ඇති අතර එය සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනව. පාතාල ක්‍රියාකාරකම්වලට කිසිදු දේශපාලන රැකවරණයක් මේ වනවිට නෑ.ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නවා. ගිනිඅවි සම්බන්ධයෙන් මේ වනවිට විගණනය සිදුකර සැලකිය යුතු ප්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට අරන් තියනවා.