අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයි

ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයි

එහිදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුයි ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එම සංශෝධන සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇතැයි සාධාරණ…

එහිදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුයි  

ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එම සංශෝධන සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

මේ වන විට කෙටුම්පත් කර ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනා අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත මේ වන විට  ලිඛිතව යොමු කර තිබේ. 

දැන්වීම

එසේ කටයුතු කර ඇත්තේ අප සංවිධානයේ නියෝජිත පිරිසක් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් සැදුම් ලත් කණ්ඩායමක් අමාත්‍යවරයා හමුවී කරනු ලැබූ සාකච්ඡාවේදී සිදු කරන ලද කරුණු දැක්වීමට අමතරවය.

සාධාරණ  සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒ මගින් පෙන්වා දී ඇති මූලිකම කරුණ වී ඇත්තේ මෙවැනි පනතක් සම්මත කර ගැනීමේදී ත්‍රස්වාදය පිළිබදව පැහැදිළි ලෙස නිර්වචනය කර ඊට අදාළ විධිවිධාන පැනවීම සිදු කළ යුතුව ඇති බවය. 

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති භාෂණයේ, සංවිධානය වීමේ සහ රැස්වීමේ මූලික සහ සිවිල් අයිතිවාසිකම්වලට ඒ මගින් සීමාවන් ඇති නොකළ යුතුව ඇත. එමෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ යැයි චෝදනාවකට සම්බන්ධව කෙරෙන රඳවා ගැනීම් පිළිබඳ අධිකරණය සතු වගකීම පූර්ණ වශයෙන් සහතික කිරීම අත්‍යවශ්‍ය බවද ඒ මගින් පෙන්වා දී තිබේ. 

මීට අමතරව, ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පතේ X කොටස මගින් මහජන ආරක්‍ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ සකස් කර ඇති හදිසි නීති රෙගුලාසි මගින් පමණක් දැනට කළ හැකි සංවිධාන තහනම් කිරීම, ස්ථාන "තහනම් ස්ථාන" ලෙස ප්‍රකාශ කිරීම යනාදිය විධායකයට කළ හැකි ය. අපගේ යෝජනාව වන්නේ එම කොටස ඉවත් කර, දැන් මෙන් හදිසි නීති යටතේ එම ක්‍රියාවන් පාර්ලි‌‌මේන්තුවේ සංවරණ සහ තුලනයන්ට යටත්ව කරන ලෙසයි.

මෙහිදී  මෙම කරුණට අදාළව අපගේ ස්ථාවරයද අධිකරණ අමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවේදි අප  නියෝජිත කණ්ඩායම විසින් සඳහන් කරන ලදී. ඒ අනුව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ පිළිගැනීම මූලික කරුණු තුනක් යටතේ සඳහන් කරන ලදී. 

එනම් දනට බලාත්මක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කළ යුතුව තිබේ. එමෙන්ම ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් මේ වන විට සමස්ථ ලෝකය මුහුණ දෙමින් සිටින ත්‍රස්තවාදී අභියෝගයන් ද සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදයට එරෙහි නව නීති පැනවීමේ අවශ්‍යතාවය ද අපි පිළිගන්නෙමු. එහෙත් ඒ සඳහා මේ වන කෙටුම්පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතු අතර එම සංශෝධන සිදු කිරීමේදී ඊට අදාළ සියලු පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගත යුතුව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ත්‍රස්ත විරෝධී පනතේ ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයි | Lanka Newsweek