අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කෙරේ

ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කෙරේ

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරක් 

ජාතික ආරක්ෂාව වෙනුවෙන් එල්ටීටීඊ සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මෙලෙස තහනමට ලක් වූ සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින් වර මුදල් සැපයීම සිදු කර ඇති බව සදහන් වේ.

ඒ අනුව එම සංවිධානවල මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනමට ලක් කර ඇති අතර ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

දැන්වීම

මෙසේ තහනමට ලක් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන 15 වන්නේ,

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය

2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව

4 ලෝක දෙමළ ව්‍යාපාරය

5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය 

6 ලෝක දෙමළ සහනසාධක අරමුදල

7 මූලස්ථාන කණ්ඩායම

8 ජාතික තව්හිද් ජමාත්

9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්

10 විලයාත් අස් සෙයිලානි

11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය

12 ද්‍රවිඩ තරුණ සංවිධානය

13 දාරුල් අදර් අත්තබවියා

14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය

15 සේව් ද පර්ල්ස් 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න