ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මුවා වී සිදු කරන මර්දනය නවතනු

මර්දනය-තර්ජනය වෙනුවට මිත්‍රත්වයේ දෑත් දිගු කරනු සම්මුතිවාදී වැඩ පිළිවෙළක් ඕනෑ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීම රජය වහාම නතර කළ යුතු යැයි සාධාරණ…
මර්දනය-තර්ජනය වෙනුවට මිත්‍රත්වයේ දෑත් දිගු කරනු
සම්මුතිවාදී වැඩ පිළිවෙළක් ඕනෑ
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනය කිරීම රජය වහාම නතර කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
මෙම අතිශය ඛේදනීය තත්ත්වය හෙළා දකිමින් සහ ඊට දැඩි විරෝධය පළ කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන සහ ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන සහ සිවිල් ක්‍රීයාකාරකයන් මර්දනය කිරිම අතිශයින්ම ඛේදනීය තත්ත්වයක් වන අතර එම මර්දනය මුළු මහත් සමාජයම එක හඩින් යුතුව පිටු දැකිය යුතුව තිබේ.
දැන්වීම
අද වන විට අපට නැවත වතාවක් ඒ පිළිබඳ අවධානය යොමු කරවීමට සිදුව ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරකයන් පිරිසක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් කිසිදු අධිකරණයක් හමුවට පමුණු වන්නේ නැතිව දින 90ක් රැදවුම් භාරයේ තබා ගැනීමට රජය කටයුතු කර ඇති බැවිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් පුරවැසියන්ට ලබාදී ඇති හිමිකම්වලට සේම විසම්මුතියට ඉහළින්ම ගරු කරන සහ වඩා යහපත් රටක් පිළිබඳව ප්‍රාර්ථානාවෙන් යුත් ශිෂ්ට සමාජය එවැනි තත්ත්වයක් කිසිසේත්ම අපේක්ෂා කරන්නේ නැත. ඒ බැවින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොන්දේසි විරහිතව එදත්, අදත්, හෙටත් ඊට එරෙහිව පෙනී සිටින්නෙමු.
දේශපාලනික සහ ආර්ථික වශයෙන් අද වන විට රට මුහුණ දෙමින් සිටින්නේ බරපතළ අවදානමකටය. එවැනි පසුබිමක රටට අත්විය හැකි ඛේදනීය ඉරණමින් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහා සමස්ථ සමාජයම ඉතාමත් බැරැරුම් ලෙස සහ වගකීම සහිතව කළ යුතු සියලු කැප කිරීම් සිදු කළ යුතුව තිබේ.
එවැනි සාමූහික ප්‍රවේශයකට යොමුවීමට නම් අන් සියල්ලටම පෙර ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ඉහළින්ම ගරු කළ යුතුව ඇත. එමෙන්ම විසම්මුතියට ගරු කරමින් සියලු දේශපාලන ධාරාවන් ඒකරාශී කර ගත යුතුව තිබේ. මුළු මහත් ලෝකයෙහිම පිළිකුලට ලක් වන අශිෂ්ට සහ දුෂ්ඨ සහගත නීති පිටු දකිමින් මානව ගුණාංගයන්ට ඉහළම පිළි ගැනීමක් ලබාදීම කළ යුතුව ඇත.
එවන් පරිසරයක අප රටේ සේම අන්තර්ජාතික ප්‍රජාව අතරෙහි ද ඉමහත් විරෝධයට හේතු වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි දුර්දාන්ත නීති තව දුරටත් අප පිළි ගැනීමට ලක් කරන්නේ නම් ඒ මගින් රටේ ජනතාවගේ නිදහසට සහ අයිවාසිකම්වලට සිදු කරන තර්ජනයට අමතරව රටක් ලෙස අප අන්තර්ජාතික වශයෙන් ද කොන්වීමට හේතුවක් වනවා නිසැකය. රට මුහුණදී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට යහපත් විසදුමක් සපයා ගැනීමට අන්තර්ජාතික වශයෙන් ලබා ගත යුතුව ඇති සහයෝගය අන් කවරදාකටත් වඩා අවශ්‍යව ඇති මෙවන් මොහොතක එවැනි ක්‍රියාවන් අප රටට බරපතළ ප්‍රතිවිපාක අත්කරදීමට හේතුවක් ද වනු ඇත.
එබැවින් අප මාතෘ භූමියේ සහ අනාගත දරු පරපුරේ නාමය පෙරටු කර ගනිමින් මේ මොහොතේ රජයෙන් ඉල්ලා සිටින්නේ සිවිල් සහ දේශපාලන ක්‍රියාධරයන් මර්දනයට ලක් කිරීම වහාම නවතා දමන ලෙසය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි දුර්දාන්ත නීති යුක්ති සහගත කිරීමට කටයුතු නොකරන ලෙසටය. මර්දනය සහ තර්ජනය වෙනුවට සෑම පාර්ශවයක් වෙතම මිත්‍රත්වයේ හස්තය දිගු කරන ලෙසටය. ඉන් අනතුරුව නිශ්චිත වැඩ පිළිවෙළක් සහිතව ඉතා සීමිත කාලයක් ඉලක්ක කර ගනිමින් බල පොරයෙන් තොර සම්මුතිවාදී වැඩ පිළිවෙළකට ප්‍රවේශ වන ලෙසටය.