අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

තව දුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවෙයි

තව දුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවෙයි

IMF එකඟතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස…

IMF එකඟතා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමේ හැකියාව මෙතැන් සිට ශ්‍රී ලංකාවට හිමි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම අනුමත වීම සම්බන්ධයෙන් අඟහරුවාදා (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

දැන්වීම

ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.‍

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් සහාය දැක්වූ සියලු රටවලටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙතැන් සිට ඇති කරගත් එකඟතාව අනුව ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අදාළ එකඟතා ගිවිසුම බදාදා (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් වැඩි දුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න