අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තව දුරටත් තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බව ගෝඨාභය පවසයි..!

තව දුරටත් තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බව ගෝඨාභය පවසයි..!

තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ඉදිරි ජනාධිපතිවරණය සදහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය…

තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන තිබෙන බැවින් ඉදිරි ජනාධිපතිවරණය සදහා  ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්වීමට තමන්ට කිසිදු බාධාවක් නොමැති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා  පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (22) පැවැති පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ හමුවකට සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ පසු ගිය අප්‍රේල් 17 වැනිදා සිට තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්  අතර ඒ  බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී  ද්විත්ව පුරවැසියකු ලෙස සදහන් කරමින් තමන්ට නිකුත්කර තිබූ විදෙස් ගමන් බලපත‍්‍රය අවලංගු කර ශ්‍රී ලාංකික පුරවැසියකු බව සදහන් කරමින් නව ගමන් බලපත‍්‍රයක්ද මේ වන විට ලබාගෙන ඇති බවයි.කෙසේ වෙතත් ඇතැමුන් තවමත් තමන්ගේ පුරවසිභාවය ගැන සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් යන  බව පෙන්වා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ එම ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

මේ  අවස්ථාවට  විපක්ෂ නායක මහින්ද  රාජපක්‍ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ සහ රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද  සහභාගී වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තව දුරටත් තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බව ගෝඨාභය පවසයි..! | Lanka Newsweek