අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සජබයට

තවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සජබයට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතාපාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක් විය. ඒ රටේ අනාගතය වෙනුවෙන් සහ රටේ…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතාපාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක් විය.

ඒ රටේ අනාගතය වෙනුවෙන් සහ රටේ ආර්ථිකය වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන අතර රට ගොඩනගන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දායකත්වය ලබා දෙමිනි. 

2020 මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ කරුණාදාස කොඩිතුවක්කු මහතා මනාප 114,319ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මාතර දිස්ත‍්‍රික්  ශ්‍රී ලංකා පො දුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා ආණ්ඩු පක්‍ෂයෙන් විපක්ෂයට එක්වීම තීරණය කර ඇත.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න