තවත් දින දෙකක් සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ඉරිදා (05) සහ සඳුදා(06) යන දිනයන්හිදී දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත.ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළඳාම පමණක් සිදු කෙරෙන අතර අත්‍යවශ්‍ය සේවාවන්හි නිරතවන…
(හේමන්ත තුසිත කුමාර)
ඉරිදා (05) සහ සඳුදා(06) යන දිනයන්හිදී දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර ඇත.ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළඳාම පමණක් සිදු කෙරෙන අතර අත්‍යවශ්‍ය සේවාවන්හි නිරතවන නිලධාරීන්ට ආර්ථික මධ්‍යස්ථානවලින් මිලදී ගැනීමට අවසර ඇත. පිට පළාත්වල සිට කොළඹ දිස්ත්‍රික්කයට එළවළු ප්‍රවාහනය සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද යොදවා ඇත.ආර්ථික මධ්‍යස්ථානවල විකිණීමෙන් පසුව එළවළු තොග ඉතිරි වේ නම් ඒවා ජංගම රථ යොදා ගෙන අලෙවි කිරීමට ද රජය අවසර ලබා දී ඇත. වෙළෙඳ සංකීර්ණවල වෙළඳ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව සිදු කෙරෙයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1